IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


HDFC බැංකුවේ පළමු හරිත ඉතුරැම් සැලසුම හඳුන්වා දෙයි

HDFC බැංකුව විසින් තිරසර බව පිළිබඳ හඳුන්වාදීම් සඳහා වන කැපවීමේ තවත් පියවරක් ලෙස සිය පළමු හරිත ඉතුරුම් ගිණුමී ‘HDFC Go Green ^HDFC නමින් පසුගියදා හදුන්වා දෙන ලදි. 
Go Green ගිණුම පාරිභෝගිකයන්ට ඉහළ මූල්‍ය ප්‍රතිලාභ පිරිනමන අතරතුර පරිසරයේ යහපැවැත්ම සඳහා දායක වීමේ අවස්ථාවද උදා කරයි.
2025 ලෝක පරිසර දිනය සමරමින් සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් මෙම ඉතුරුම් ගිණුම හඳුන්වා දෙන ලද අතර, මෙමගින් රැස්කරගන්නා අරමුදල් ආයෝජනය කරනු ලබන්නේ හරිත ණය සැලසුම් සහ පාරිසරික වශයෙන් තිරසාර ව්‍යාපෘති සඳහාය. එය තිරසාර අනාගතයක් සඳහා ගනුදෙනුකරුවන්ට දායකවීම සඳහා අවස්ථාව සලසන සාමුහික ප්‍රයත්නයකි.
Go Green ගිණුම් හිමියන්ගේ අර්ථවත් වැඩසටහනක් සඳහා දායකවීම ඇගයීමට හරිත ආයෝජන සහතිකයක් ලබාදෙයි. පාරිසරික දායකත්වය සඳහා දායකවීමට අමතරව පාරිභෝගිකයන්ට මේ සඳහා විශේෂ පොලී අනුපාතයක් පිරිනමන බැවින් පාරිභෝගිකයන්ට මෙම Go Green  ගිණුම ඔවුන් ගන්නා බුද්ධිමත්  මෙන්ම වගකීම් සහගත තීරණයකි. බැංකුවේ කඩදාසි භාවිතය අඩු කිරීම සඳහා කැපවීමේ තවත් පියවරක් ලෙස, Go Green ඉතුරුම් ගිණුමට අදාළ ගනුදෙනු සඳහා අන්තර්ජාල බැංකු පහසුකම ඇතුළු ඩිජිටල් සේවා ලබාගන්නා ලෙස ගිණුම් හිමියන්ට ආරාධනා කෙරේ.
මෙම නවතම ඉතුරුම් සැලසුම හඳුන්වාදීම සිදුවූයේ රජය විසින් ප්‍රකාශයට පත්කළ ජාතික පරිසර සතිය තුළ සංවිධාන කළ තවත් කටයුතු ගණනාවක් ඉටුකිරීමෙන් පසුවය.
පාසල් සිසුන් තුළ පරිසරය පිළිබඳ ආදරය සහ පරිසරය සුරැකුම පිළිබඳ අවබෝධය ඇතිකරමින් සිදුකළ පැල සිටුවීමේ ව්‍යාපෘති කිහිපයක් සමග පරිසර සතිය ඇරඹුණි. පළමු වැඩසටහන වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ සිදුකළේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් වන අතර, සිසුන්ගේ සහභාගිත්වය සහිත දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ද සිදුකෙරිණි.
මෙය තවදුරටත් පවත්වා ගනිමින් එවැනිම වැඩසටහනක් පන්නිපිටිය ක්‍රිස්තු රාජ විද්‍යාලයේ මෙන්ම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පැවති අතර, සිසුනගේ ක්‍රියාකාරී සහභාගිත්වය සහිතව පරිසරය සුරැකීම හා තිරසාර බව පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන ලදි.
එමෙන්ම, HDFC බැංකුවේ සභාපති, වැඩබලන සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරි සහ බැංකුවේ සේවකයන්ගේ සහභාගිත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරයේ පිරිසුදු කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වූයේ පරිසරය සුරැකීම හා ප්‍රජා සහභාගිත්ව ක්‍රියාවන්ට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමිනි.
තවදුරටත් පරිසර දින තේමාව අනුව යමින්, ප්ලාස්ටික් භාවිතය අඩුකිරීම හා ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ තොරතුරු බැංකුවේ ඩිජිටල් මාධ්‍යවල පළකරන ලදි.



අදහස් (0)

HDFC බැංකුවේ පළමු හරිත ඉතුරැම් සැලසුම හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site