
නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍ර බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන් 80 දෙනෙකු අතරින් 2025 SLTC පර්යේෂණ සහ නවෝත්පාදන සම්මාන උළෙලේදී කාර්මික පර්‌යේෂණ, නවෝත්පාදන සහ කර්මාන්ත-ශාස්ත්‍රීය සහයෝගීතා විශිෂ්ටත්වය සඳහා වන සම්මානයක් සඳහා නිර්දේශ වීමටද ඔවුන්ට හැකි විය.
සබරගමුව විශ්වවිද්‍යාලය සමග එක් වී දියත් කළ පර්‌යේෂණ ව්‍යාපෘතියක් ඊට පදනම් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය එම පර්‌යේෂණය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවැනි පර්‌යේෂණ සඳහා අඛණ්ඩව සහාය වන බව එම සමාගම පවසයි. ඔවුන් සඳහන් කළේ Asia Miracle සම්මානය නවීන කෘෂිකාර්මික සංවර්ධනයට අදාළ වෘත්තීමය අත්දැකීම් සඳහාත්, SLTC සම්මාන උළෙලේදී ලැබුණු පිළිගැනීම පර්‌යේෂණ හවුල්කාරිත්ව ශක්තිමත් කිරීමට ඉටු කරන කාර්යභාරය සඳහාත් ලැබුණු ඇගැයීම් බවය.
Glorious Holdings සමාගම තිරසාරත්වය සහ අස්වැන්න ඉහළ දැමීම පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරන පූර්ණ කෘෂිකාර්මික විසඳුම් සැපැයුම්කරුවෙකි. ඔවුන්ගෙන් ගත හැකි සේවා අතර Turnkey කෘෂිකාර්මික පද්ධති, හරිතාගාර සහ පොලිටනල් පද්ධති (Greenhouse / Polytunnel Systems), ඉහළ ඝණත්ව විවෘත ක්ෂේත්‍ර වගා (High-Density Open-Field Cultivation), සුවිශේෂ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සැලසුම් කළ කෘෂිකාර්මික ව්‍යාපාරල උසස් තත්වයේ ජල බිංදු කල සම්පාදන සහ ස්වයංක්‍රීයකරණ සේවා ප්‍රධාන තැනක් ගනී. කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා මිල දී ගැනීමේ හෝ බදු පදනම මත ඉඩම් සපයා ගැනීමට සහාය වන Glorious Holdings දීර්ඝ කාලීන වැවිලි ආයෝජන සඳහා වතු කළමනාකරණ සේවාද සපයයි. භූමි අලංකරණය, වන වගාවල ජෛව පද්ධති ප්‍රතිස්ථාපනය යන ක්ෂේත්‍රවලට අදාළ තවත් නිෂ්පාදන සහ සේවා රැසක් ඔවුන්ගෙන් ගත හැකිය. මේ වන විට අපනයන වෙළෙඳපොළටද පිවිස ඇති Glorious Holdings උසස් තත්වයේ තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, පලතුරු, එළවළු, පත්‍ර සහ මල් ආදී නිෂ්පාදන අපනයනය කරයි. පාලිත හරිතාගාර පද්ධති සහ තිරසාර විවෘත ක්ෂේත්‍ර ක්‍රමවේද යොදා ගැනීමෙන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කෙරේ. නිෂ්පාදන සහ සේවා දැරිය හැකි මිල ගණන් යටතේ ගත හැකිය. Glorious Holdings බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව ඇතුළු පළාත් රැසක් ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් දියත් කර තිබේ.
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1133
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
Glorious Holdings නවීන කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් සම්මාන දිනයි