IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Global Franchise Forum 2025 කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි

Franchise India Group හි සභාපති ගෞරව් මාර්යා


 

Global Franchise Forum (GFF) හි ශ්‍රී ලංකා හමුව අප්‍රේල් 27 වැනිදා කොළඹ ෂෙරටන් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම අවස්ථාවට ගෝලීය සන්නාම, ආයෝජකයන්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර, ව්‍යාපාර සබඳතා ගොඩනඟාගැනීමට මෙන්ම දැනුම බෙදාගැනීමට සහ නව අවස්ථා ජනනය කරගැනීමට ද එය පුළුල් වේදිකාවක් සැපයීය. 

එමෙන්ම සංචාරක, වෙළෙඳ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර රැසක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු ව්‍යවසායකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ. තව ද එම ක්ෂේත්‍රවලට අදාළ තීරණ ගැනීමේ පාර්ශ්ව ද මෙම හමුවට එක්වීම විශේෂත්වයක් විය. 

ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය, ලංකා ජාතික කර්මාන්ත වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය, කොළඹ වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත වාණිජ මණ්ඩලය මෙන්ම ඉන්දියානු කුඩා ව්‍යාපාර සහ වෙළෙඳ සංගමය ද මෙම හමුවට සිය දායකත්වය ලබාදීම විශේෂත්වයක් විය. 

“ශ්‍රී ලංකාව තුළ මෙවැනි උද්‍යෝගිමත් සහ වැදගත් සහභාගීත්වයක් දැකගැනීමට ලැබීම ගැන අපි මහත් සේ සතුටට පත්වෙනවා. මෙය හුදෙක් හමුවකට එහා ගිය විවිධ අදහස්, වෙළෙඳපොළවල් සහ අවස්ථාවල එකතුමුවක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම හමුව අතරතුර, ගෝලීය සන්නාම හා අත්වැලි බැඳගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සතු උනන්දුව අපට හොඳින් දැකගැනීමට ලැබුණා” යනුවෙන් Franchise India Group හි සභාපති ගෞරව් මාර්යා මහතා ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ ව්‍යාපාරකරණයට සුදුසු ස්ථානයක් ලෙස අඛණ්ඩව ඉදිරියට එමින් තිබේ. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින පාරිභෝගික පදනම සහ ගෝලීය සන්නාම කෙරෙහි ඇති ඉල්ලු‍ම ද ආයෝජන සඳහා ඇති ප්‍රතිපත්තිමය වටපිටාව ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුණි. එහිදී හුදෙක් ගෝලීය සන්නාම ප්‍රදර්ශනය කිරීමට අමතරව, පූර්වයෙන් සැලසුම් කරන ලද ව්‍යාපාර සාකච්ඡා, දැනුම බෙදාගැනීමේ සැසි ආදිය ද සංවිධානය කර තිබුණි. 

“ශ්‍රී ලංකාව වේගයෙන් ආර්ථික පුනර්ජීවය අත්කරගනිමින් සිටිනවා. ගෝලීය වශයෙන් වෙළෙඳ කටයුතුවලට මතුව ඇති බාධා හමුවේ පවා දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇතිකරගත හැකි තිරසර ගෝලීය සහයෝගීතා වෙනුවෙන් සහාය වීමට Global Franchise Forum 2025 ශ්‍රී ලංකා හමුවට අවස්ථාව උදාවුණා” යනුවෙන් ගෞරව් මාර්යා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙහිදී ගෝලීය වෙළෙඳනාම (franchise) ජාලය තුළ අත්කරගත් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවයක් ද මෙම හමුවට සමගාමීව පැවැත්වුණි.

මෙම අවස්ථාවට Freshco Soda, U Clean, The Chocolate Room, Naturals Salon, Yala Begum, B2B Networks, Top Up Goli Soda, Hay Womens wear, Remarko Bakers, Total Clean, Karims, ISAS, DVE Automation, Franks, ThreeO clock, ActionCOACH ඇතුළු වෙළෙඳ නාම රැසක් එක්ව සිටියහ. 

දකුණු ආසියාව තුළ ආයෝජන හිතැති ව්‍යාපාරික කේන්ද්‍රයක් ලෙස දියුණු වීමට ශ්‍රී ලංකාව සතු පුළුල් දැක්මට සමගාමීව වෙළෙඳ නාම සංවර්ධනය, රැකියා උත්පාදනය සහ අන්තර්ජාතික සහයෝගීතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් Global Franchise Forum 2025 ශ්‍රී ලංකා හමුව තුළින් හිමිවිය.



අදහස් (0)

Global Franchise Forum 2025 කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site