IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


First Capital වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කේන්ද්‍ර කරගත් උපදේශන සේවාවක්

First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් සේවා ලබා දෙන First Capital Advisory Services සමාගම එළිදැක්වීම සිදු කෙරිණි. 
First Capital Advisory Services සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන අභියෝග ඉතා හොඳින් අවබෝධ කරගනිමින් වෙළෙඳපොළ පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වටිනාකම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ට සහාය වීමට අවශ්‍ය ප්‍රධාන උපදේශන සේවා රැසක් ලබා දීමට අරමුණු කරයි. එමෙන්ම මෙම සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් ළඟා විය නොහැකි පොදු ලැයිස්තුගත කිරීම් සහ දිගුකාලීන හවුල්කාරිත්ව වැනි උපායමාර්ගික මූල්‍යකරණ විකල්ප වෙත යොමුවීම සඳහා සහයෝගය ලබාදීම ද විශේෂත්වයකි. 
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන අතරතුරදී First Capital Advisory Services පෞද්ගලික සමාගම සහ කොළඹ කොටස් හුවමාරුවේ සහභාගිත්වයෙන් පැනල සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහි පැනල සාමාජිකයන් අතරට First Capital Advisory Services පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරුෂ ඒකනායක සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළත් වූහ. 

 



අදහස් (0)

First Capital වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කේන්ද්‍ර කරගත් උපදේශන සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site