IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Exel Holdings නාවල ප්‍රදර්ශනාගාරය සුවතා දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වසර 30කට අධික කාලයක් පුරා විශ්වාසවන්ත ආයතනික නාමයක් වනExel Holdings (Pvt) Ltd පසුගියදා සිය නාවල ප්‍රදර්ශනාගාරයේදී ජාත්‍යන්තර සුවතා දිනය සැමරීය. ජාත්‍යන්තර තලයේ නානකාමර කට්ටල සඳහා ප්‍රමුඛයා වන Jaquar හි විශිෂ්ට සුවතා උපකරණ එනම් සෝනා, ස්පා, වර්ල්පූල්, ඔක්සිපූල්, සහ වාෂ්ප ජනනය කරන උපකරණ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර එම නිෂ්පාදන නිවාස සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍ර සඳහා නව ආකර්ෂණයක් සහ නවීන සුවතා ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇත. 

මෙහිදී Jaquar India හි ගෝලීය ව්‍යාපාර සංවර්ධන හා විකුණුම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රජීව් රන්ජන් මහතා Jaquar හි සුවතා උපකරණවල තාක්ෂණය සහ එම නිෂ්පාදන භාවිතයෙන් ඇතිවන වාසි සම්බන්ධයෙන් පුළුල් දත්ත විශ්ලේෂණයක් සිදුකරනු ලැබීය. මෙයට අමතරව වෛද්‍ය විද්‍යාත්මක අංශයෙන් අමාලි ජයවර්ධන (DNM) මහත්මිය විසින් සෞඛ්‍ය ගැටලු‍ කල්තියාම හඳුනා ගැනීම සහ ක්‍රියාශීලී කළමනාකරණය අරමුණු කරගත් ප්‍රගතිශීලී ජෛව ප්‍රතිපෝෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී.

එමෙන්ම මෙම උත්සවය සඳහා ප්‍රමුඛ ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ගෘහ අලංකරණ ශිල්පීන් රැසක් සහභාගී වූ අතර ඔවුන් විසින් Emil  ඉතාලි ටයිල් Artiz සුඛෝපභෝගී සුවතා උපාංග, Jaquar බාත්වෙයාර් සහ සුවතා උපාංග වැනි ලෝක ප්‍රකට සන්නාමවල ආනයනය කරන ලද ටයිල් සහ මොසෙයික් ඇතුළු Exel හි පුළුල් නිෂ්පාදන එකතුව නිරීක්ෂණය කරනු ලැබීය. 

දිගුකාලීන සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමග ගොඩනැගුණු සබඳතාවලින් ශක්තිමත් කරගත් Exel Holdings, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සඳහා කීර්තියක් ලබා ඇති අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සුඛෝපභෝගී විලා, හෝටල්, මහා පරිමාණ වාණිජ සංවර්ධන සහ නිවාස ව්‍යාපෘති සහ දිවයිනපුරා වෙළෙඳ නියෝජිතයන් සඳහා විශිෂ්ට සැපයුම්කරුවකු බවට පත්ව ඇත.

“අපගේ සුවතා උපකරණ නිෂ්පාදන ගුණාත්මක බවින් සහ නිර්මාණාත්මක බවින් අසමසමයි” යනුවෙන් Exel Holdings  හි කළමනාකාර අධ්‍යක්ෂ/සභාපති රත්වන් ද ලිවේරා මහතා පැවසීය.



අදහස් (0)

Exel Holdings නාවල ප්‍රදර්ශනාගාරය සුවතා දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 568 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site