ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto  සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවා එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව  (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළෙඳපොළක් පවතින වර්තමාන වටපිටාවක ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක් ලබා දීම මෙහි අරමුණයි. 
මිල මට්ටම්වල පවතින අස්ථාවරත්වය, වෙළෙඳපොළෙහි සිදුවන ශීඝ්‍ර වෙනස්වීම් සහ මිලදී ගන්නන්ගේ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් පෙට්‍රල්, ඩීසල් සහ hybrid  වාහන හිමියන් රැසක් තමන්ගේ වාහන විකුණා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති. මෙම ගැටලු‍වලට සාර්ථක විසඳුමක් ලබා දෙමින් අතරමැදියන් හෝ තැරැව්කරුවන්ගෙන් තොරව සෘජුවම ගනුදෙනු කළ හැකි Auto Direct  සෘජු ගනුදෙනු ආකෘතිය  (Direct transaction model) හඳුන්වා දී ඇත.   
මෙම වේදිකාව මගින් පාරිභෝගිකයන්ට තමන් සතු වාහන ලබාදී නවතම මාදිලියක වාහනයක් ලබා ගැනීමට, මැනවින් පරීක්ෂා කරන ලද භාවිත කළ වාහන මිලදී ගැනීමට හෝ තමන් සතු වාහන විකිණීමට අවස්ථාව හිමිවෙයි. Auto Direct මගින් ඉදිරිපත් කෙරෙන සෑම වාහනයකම වෙළෙඳපොළ වටිනාකම තක්සේරු කිරීම, හිමිකම තහවුරු කිරීම සහ නඩත්තු වාර්තා පරීක්ෂා කිරීම ඇතුළු පුළුල් හා සවිස්තරාත්මක පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු කරනු ලබයි.  


මෙම වේදිකාව මගින් ඉහළ පෙළේ විද්‍යුත් වාහන වැනි වඩාත් දියුණු මෝටර් රථ තාක්ෂණය වෙත යොමු වීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට එම කටයුතු ඉතා පහසුවෙන් සිදු කරගත හැකිය. මෙහි පවතින විධිමත් වාහන හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන්, පාරිභෝගිකයන්ට තමන් සතු වාහන ලබා දී Evolution Auto සමාගම මෙරටට ගෙන්වනු ලබන Avatr, IM Motors, Xpeng, Riddara සහ KYC වැනි ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමවල නවතම වාහන වෙත පහසුවෙන්ම යොමු විය හැක.
අතරමැදියන් කිහිපදෙනකු සම්බන්ධ වන සාම්ප්‍රදායික වාහන ගනුදෙනු ක්‍රමවේද මෙන් නොවAuto Direct  මගින් සමස්ත ක්‍රියාවලිය සෘජුවම කළමනාකරණය කරනු ලබයි. එමගින්, වාහන වටිනාකම තක්සේරු කිරීමේ සිට මිලදී ගැනීම හෝ හුවමාරු කිරීම දක්වා වූ සියලු‍ම සේවා එකම ස්ථානයකින් විශ්වාසනීය ලෙස සපුරා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.