IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


Dubai Real Estate Roadshow සැප්තැම්බර් 13, 14 කොළඹදී


ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

එහිදී කලින් වේලාව වෙන් කර ගෙන ඩුබායි රාජ්‍යයේ බලපත්‍රධාරී උපදේශකයන් සමග පෞද්ගලික උපායමාර්ගික සැසිවලට සම්බන්ධවීමට මෙරට ආයෝජකයන්ට අවස්ථාව ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහනකදී සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති ගණන 3-10 අතර සංඛ්‍යාවක් වුවත් මෙහිදී සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කිරනු ලැබීමට නියමිත ව්‍යාපෘති සංඛ්‍යාව 750කට අධිකය. ඒ ඒ ආයෝජකයාගේ ඉලක්ක, අරමුණු සහ මූල්‍ය ධාරිතාවට ගැළපෙන පරිදි උපදේශන සේවා ගත හැකිය. 

මෙම වැඩසටහනට සහභාගී වීමෙන් ජ්‍යෙෂ්ට බලපත්‍රධාරී උපදේශකයන් වෙතින් සෘජු උපදේශන සේවා රටවල් 15කට වැඩි සංඛ්‍යාවක 2,500කට වැඩි ආයෝජකයන් සමග කටයුතු කර ඇති කණ්ඩායමක් වෙතින් ගත හැකිය. දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට අදාළ මාර්ගෝපදේශන, පූර්ව අලෙවි ව්‍යාපෘති සඳහා ප්‍රවේශය, පොළී රහිතව වසර හතක් දක්වා නම්‍යශීලී ගෙවීම් සැලසුම්, බදු ආදායම පිළිබඳ පැහැදිලි උපායමාර්ග, ප්‍රාග්ධන වර්ධනය පිළිබඳ සැලසුම් ඇතුළු බොහෝ දෑ ඒ අතර වේ. “ඩුබායි රාජ්‍යයේ ආයෝජනය කිරීමෙන් අසමසම ආයෝජන ප්‍රතිලාභ, සියයට 7-10ත් අතර ආයෝජන ප්‍රතිලාභ, වසර 5 සිට 7 දක්වා ගෙවීමේ සැලසුම්, ශූන්‍ය දේපොළ බදු සහ ඩොලරයට සාපේක්ෂව ඉහළ වටිනාකමක් සහිත ආදායමක් වැනි වාසි රැසක් මේ හරහා ලබන්නට පුළුවන්. කොළඹදී පැවැත්වෙන සැසිවල අරමුණ දත්ත පදනම් කර ගත්, විශවාසනීය සහ වෘත්තීමය වටපිටාවක් තුළ ආයෝජකයන් බල ගැන්වීමයි.” ජ්‍යෙෂ්ඨ දේපොළ උපදේශක සහ උපායමාර්ගික ආයෝජන උපදේශක රාජ් කලීල් සඳහන් කළේය. අවම පූර්ව ආයෝජනය රුපියල් මිලියන 50කි. ඉහළ මට්ටමේ ආයෝජන අවස්ථා රුපියල් මිලියන 100 සිට ආරම්භ වේ.



අදහස් (0)

Dubai Real Estate Roadshow සැප්තැම්බර් 13, 14 කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site