Dialog Finance PLC  හි, වෙළෙඳ ගෙවීම් අත්පත් කරගැනීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, රියෙන්සෝ රොද්‍රිගු මහතා සහ Pizza Hut  ආයතනයේ, අලෙවිකරණ ප්‍රධානී, ක්‍රමෝපාය සහ සැලසුම්, මලිත් සොයිසා මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

 


ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලු‍‍‍ Pizza Hut  අවන්හල් හරහා Dialog Pay  ඔස්සේ ආරක්ෂිතව LankaQR  ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට දැන් උදාකර දී ඇත. ශ්‍රී ලංකාවේ අංක 1, ක්ෂණික ආහාර අවන්හල් සන්නාමයක් වන Pizza Hut, දිවයින පුරාම අවන්හල් 126 කට අධික ජාලයක් සමගින් මෙලෙස Dialog Pay වෙළෙඳ පද්ධතිය සමග අත්වැල් බැඳගනිමින්, දිවයින පුරා පාරිභෝගිකයන්‌ට ඩිජිටල් ගෙවීම් තවත් සමීප කර තිබේ. එමෙන්ම, පාරිභෝගිකයන් Pizza Hut  හිදී කරන, සෑම LankaQR  ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.
ඒ අනුව, දැන් පාරිභෝගිකයන්, Pizza Hut  වෙත පැමිණ ආහාර ගැනීමේදී, නිවසට රැගෙන යාමේදී මෙන්ම, ක්ෂණික අංකයෙන් ඇණවුම් කර, නිවසටම Delivery  කරගැනීමේදී, Dialog Pay  හරහා ගෙවීම් කළ හැක. එමෙන්ම, පාරිභෝගිකයන් කැමැතිම පීසා, පැස්ටා, අමතර කෑම වර්ග, ඩෙසර්ට් වර්ග සහ කැමැතිම පාන වර්ග සඳහා වඩාත් ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවිම් කළ හැක. ඒ අනුව, මෙම සහයෝගිතාවෙන්, එම ආපන ශාලාවකදී හෝ නිවසේදී රස විඳින සෑම ආහාර වේලක් සමගින්ම, පාරිභෝගිකයන්ගේ Pizza Hut  අත්දැකීම වඩාත් පහසු, ප්‍රියජනක අත්දැකීමක් බවට පත් කෙරේ.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් Pizza Hut Sri Lanka  ආයතනයේ අලෙවිකරණ උපායමාර්ග සහ සැලසුම් ප්‍රධානී මලිත් සොයිසා මහතා මෙලෙස සඳහන් කළේය. “පාරිභෝගිකයන්ට වඩාත් උසස් අත්දැකීමක්  පිරිනැමීම, අපගේ ආහාරවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් පමණක් සලකන කාරණයක් නොවෙයි. එයින් අප අදහස් කරන්නේ, පාරිභෝගිකයන් Pizza Hut  සමග සිදුකරන සෑම ගනුදෙනුවක්ම ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා පහසු සහ බාධාවකින් තොර එකක් බවට පත් කිරීමයි. Dialog Pay  සමග අපි ඇති කරගත් මෙම සහයෝගිතාවෙන්, පාරිභෝගිකයන් Pizza Hut  අවන්හලකින්  ආහාර ගත්තත්, ඇණවුම් කර රැගෙන ගියත්, එසේත් නැත්නම්, අපගේ Delivery  සේවාවෙන්, නිවසටම ගෙන්වා ගත්තත්, ඒ සියලු‍‍‍ දේට වඩාත් ආරක්ෂිතව ගෙවීම් කිරීමට විසඳුමක් අපි හඳුන්වාදී තිබෙනවා. ඒ හරහා අපි අඛණ්ඩව කටයුතු කරන්නේ, පාරිභෝගිකයන්ගේ සෑම Pizza Hut  අත්දැකීමක්ම වඩාත් පහසු හා සරල කිරිමටයි.
MyDialog App  සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා  පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ MyDialog App  හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීමෙන්, ඉතා පහසුවෙන් Dialog Pay  භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ.