දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 400 කට අධික ගණනකදී QR ගෙවීම් පහසුව


ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි Abans ප්‍රදර්ශනාගාර 400 කට අධික ගණනකදී, Dialog Pay හරහා සුරක්ෂිතව හා පහසුවෙන් LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත උදාකර දී ඇති බව සඳහන් කරයි. මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාමයක් සමග එක්වමින්, පාරිභෝගිකයන්ට ඩිජිටල් ගෙවීම් සඳහා තවදුරටත් පහසු කරන මෙම සහයෝගීතාව හරහා, පාරිභෝගිකයන්ගේ සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ. 

දැන් පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ, ජංගම දුරකතන, තොරතුරු තාක්ෂණ නිෂ්පාදන, ගෘහභාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ මෙන්ම, ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවට අවශ්‍ය අනෙකුත් විසඳුම් ඇතුළුව නිෂ්පාදන රාශියක් Abans  ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගැනීමේදී Dialog Pay භාවිත කළ හැක. ඒ අනුව පාරිභෝගිකයන්‌ එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩ සඳහා මෙන්ම, ඉහළ වටිනාකමින් යුත් භාණ්ඩ මිලදී ගැනීමේදී ද, වඩාත් පහසුවෙන් හා ආරක්ෂිතව ගෙවීම් කිරිමට මෙමගින් පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවේ.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Abans PLC හි මූල්‍ය ප්‍රධානී, නඳුන් වික්‍රමසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. ‘අපගේ පාරිභෝගිකයන් සඳහා ඉහළම පහසුව සමග ඔවුන් කැමැති නිෂ්පාදන හිතේ හැටියට තෝරා ගැනීමේ හැකියාව සහිතව, භාණ්ඩ මිලදී ගැනීමේ ඉහළම අත්දැකීමක් අඛණ්ඩව ලබාදීමට Abans හි අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. Dialog Pay සමග ඇති කරගත් මෙම සහයෝගිතාවෙන්, අපගේ වෙළෙඳ ජාලය හරහා පාරිභෝගිකයන්ට ගෙවීම් කිරීමට විශ්වාසදායක නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන අතර, එමගින් ඔවුන්ට අවශ්‍ය නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලාංකිකයන් විශ්වාසය තබන සන්නාම දෙකක එකතුවෙන්, වඩාත් ඩිජිටල්කරණය වූ ශ්‍රී ලාංකීය ආර්ථිකයක් කරා යන ගමන, ඩිජිටල් ගෙවීම් හරහා වේගවත් කිරීමට අපගේ දායකත්වය මෙලෙස ලබාදෙනවා.”‍  

MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay  මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා  පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන්Dialog Pay App iy MyDialog App  හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීමෙන්, ඉතා පහසුවෙන් Dialog Pay  භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකිය. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මගින් ණය පහසුකම් ලබා ගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳසල් 100 000කට අධික ගණනකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන්  LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු කර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වනDialog Pay, සියලු‍ දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.