Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි  සමූහ අලෙවි අංශයේ, සන්නාම ප්‍රධානී - මූලෝපාය, සේවා සහ Masterbrand ආකිබ් රෙයාල්, PickMe හි Fintech ජ්‍යෙෂ්ඨ කළමනාකාර ගයාන් කළුගමගේ, PickMe ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ නිර්මාතෘ ජිෆ්රි සුල්ෆර් යන මහත්වරු ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.


ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා LankaQR භාවිතයෙන් ශ්‍රී ලාංකිකයන්ට තම ගමන් බිමන් සහ Delivary සේවා සඳහා ආරක්ෂිතව ගෙවීම් කිරීමේ පහසුව PickMe වෙත ලබා දෙමින් තම ඩිජිටල් ගනුදෙනු ජාලය තවදුරටත් පුළුල් කර තිබේ. 

මසකට පාරිභෝගිකයන් මිලියන 1.9 කට අධික පිරිසක් මෙන්ම, ඒ හා අත්වැල් බැඳගත් ආයතන 5000 කට වැඩි ජාලයකින් සමන්විත PickMe” 165,000 කට අධික රියැදුරන් හා Delivary සේවා සපයන්නන් සංඛ්‍යාවක් හරහා සේවය සපයන මෙරට ප්‍රමුඛ පෙළේ ඩිජිටල් Platgform එකකි. ඒ අනුව, දැන් පාරිභෝගිකයන් PickMe මගින් ලබාගන්නා සේවා සඳහා LankaQR හරහා ගෙවීම් කිරීමේ පහසුව හිමිවන අතර, සුදුසුකම් ලබන ගනුදෙනු සඳහා නොමිලේ Dialog Data වාසිද හිමි වේ.

දැන් පාරිභෝගිකයන්ට PickMe Platform එක හරහා සිදුකෙරෙන PickMe Rides” Flash Delivery සහ Trucks සේවා සඳහා Dialog Pay භාවිතයෙන් ගෙවීමේ හැකියාව පවතින අතර, Food සහ Market හරහා සිදුකරන ඇණවුම් කිරීමේදී, රු. 2500 ක් දක්වා වන ඇණවුම් සඳහාද QR ගෙවීම් සිදුකළ හැක. මෙම සහයෝගිතාවෙන් පාරිභෝගිකයන්ට එකම ඩිජිටල් ගෙවීම් ක්‍රමයක්  හරහා දෛනික සේවා රැසක් සඳහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකියාව සලසා  තිබේ.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් PickMe ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා මෙලෙස සඳහන් කළේය. “ඩිජිටල් platforms  වල අනාගතය රැඳී ඇත්තේ තනි සේවා මත නොවෙයි. එකිනෙක සම්බන්ධ වූ ඩිජිටල් පද්ධති මතයි. Dialog Pay සමග ඇති කරගත් මෙම සහයෝගිතාව හරහා පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ගෙවීම් කිරීමට හැකියාව සැලසෙන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් වාණිජ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරිමටත් එය ඉවහල් වෙනවා. PickMe හි වෙළෙඳපොළ සමග ඩයලොග් හි ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඒකාබද්ධ කිරීමෙන්, අපගේ දෛනික ගනුදෙනු වඩාත් පහසු කරමින්, සියලු‍ දෙනා ඇතුළත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය උදෙසා දායක වීමටත් අපට හැකියාව සැලසෙනවා.”‍

MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක් කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවීම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මගින් ණය පහසුකම් ලබා ගැනීමටද මෙය භාවිත කළ හැක. 

රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳසල් 100,000කට අධික ගණනකදී පාරිභෝගිකයන්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද අත්විඳිය හැක. 

ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay” සියලු‍ දෙනා ඇතුළත් කර ගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.