IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


DIMO Mega Fiesta 2025 යාපනයේ දී ආරම්භ කරයි

Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී. ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළෙඳ වාහන සේවා කඳවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ඉස්මතු විය. 

මෙහිදී Tata වෙළෙඳ වාහන නොමිලේ පරික්ෂාව සහ උපදේශන සේවා ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර වාහනවල බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා නඩත්තු කිරීමේ වැදගත්කම, Tata ජෙනුයින් අමතර කොටස් භාවිතය සඳහා දිරිගැන්වීම මෙන්ම සිදුවිය හැකි යාන්ත්‍රික ගැටලු‍ කල්තියා හඳුනා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. තවද, මෙහිදී Tata ජෙනුයින් අමතර කොටස් සඳහා සියයට 50ක් දක්වා වට්ටම් සහ DIMO නිෂ්පාදන සඳහා සුවිශේෂී දීමනා රැසක් ද පාරිභෝගිකයන් වෙත පිරිනැමිණි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍වෙළෙඳ වාහන හිමිකරුවන්, කලාපීය ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් භාවිත කරන වාහනවල විශ්වසනීයත්වය ඔවුන්ගේ ජීවනෝපායේ රඳා පැවැත්ම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනවා. අපගේ පාරිභෝගික ජනතාව වෙත විශේෂඥ දැනුමක්, මෙන්ම තාක්ෂණික සේවා ලබාදීමට ද යාපනයේ පැවැති DIMO Mega Fiesta 2025 ඔස්සේ අපට හැකියාව ලැබුණා. කලාපීය ප්‍රවාහන කටයුතු සවිමත් කිරීමට මෙන්ම අපගේ පාරිභෝගික ජනතාවගේ ඵලදායිතාව ඉහළ නැංවීමට DIMO දක්වන නොසැලෙන කැපවීම මෙමගින් හොඳින් ප්‍රදර්ශනය වෙනවා.”‍ 

මෙම වැඩසටහන මගින් DIMO Retail, DIMO Agri Machinery, Tata Passenger සහ Commercial Vehicles sales අංශයන් මෙන්ම බැංකු, ලීසිං සමාගම් සහ රක්ෂණ සමාගම්වල නියෝජිතයන් ඇතුළු විවිධ සේවා රැසක් එකම වහලක් යටට ගෙන එන ලදී. පාරිභෝගික ජනතාවට සිය වාහන මිලදී ගැනීම සඳහා සුදුසු මූල්‍ය විසඳුම් මෙන්ම ඒ පිළිබඳ උපදේශන සේවා එම ස්ථානයේදීම පහසුවෙන් ලබාගැනීමට මෙහිදී හැකියාව ලැබුණි.

DIMO Mega Fiesta 2025 ඔස්සේ වෙළෙඳ වාහන සේවා පමණක් නොව එහි පැමිණි සියලු‍ දෙනා සඳහා නොමිලේ අක්ෂි, දන්ත සහ සෞඛ්‍ය පරික්ෂාව ද සංවිධානය කර තිබිණි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින් මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සිය අදහස් එකතු කළේය. ”‍අපගේ ඉලක්කය වන්නේ වාහන සේවා සැපයීම පමණක් නොවෙයි. වෘත්තීයමය වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද පරිපූර්ණ වටිනාකමක් අපගේ පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීමට අපි අපේක්ෂා කරනවා. සම්ප්‍රදායික අලෙවියෙන් පසු සේවා සැපයීමේ ක්‍රමවේද අතික්‍රමණය කරමින් අපගේ පාරිභෝගික ජනතාව සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට මෙවැනි වැඩසටහන් අපිට උපකාරී වෙනවා.”‍

Tata වෙළෙඳ වාහන සඳහා අවශ්‍ය ග්‍රීස් කිරීම සමඟ ලිහිසිකරණ සේවා, ධාවන අලු‍ත්වැඩියාව, එන්ජින් අලු‍ත්වැඩියාව සහ ඒකක අලු‍ත්වැඩියාව මෙන්ම අනතුරුවලට ලක්වූ වාහන සම්පූර්ණයෙන් ටින්කරින් කිරීම සහ පින්තාරු කිරීම ඇතුළු සේවා රැසක් DIMO යාපනය ශාඛාව හරහා පාරිභෝගිකයන්ට පිරිනමයි.

 



අදහස් (0)

DIMO Mega Fiesta 2025 යාපනයේ දී ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site