IMG-LOGO

DFCC ONE යෙදවුම හඳුන්වාදෙමින් ඩිජිටල් බැංකුකරණයේ නව මානයක

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වනDFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ.
අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික - කේන්ද්‍රීය බැංකුව බවට පත්වීමDFCCබැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා DFCC ONE මගින් සුවිශාල කාර්යභාරයක් ඉටු වනු නිසැකය. හුදෙක්ම බැංකු සේවා සැපයීමෙන් පමණක් නොනැවතී, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට දැනුමක් හා අවබෝධයක් ලැබෙන ආකාරයට DFCC ONE නිර්මාණය කර තිබේ. ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමට එමගින් හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් සැලසුම්වලට සමගාමීව, වැඩි පිරිසක් වෙත ඩිජිටල් සේවා සමීප කරවමින් ඩිජිටල් තාක්ෂණ භාවිතය දිරිගැන්වීම මෙහි තවත් අරමුණකි. 
 DFCC ONE හි ප්‍රධාන වැඩිදියුණු කිරීම් අතරින් එකක් වන්නේ DFCC ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් බිල්පත් ගෙවීමේ හැකියාව පුළුල් කිරීමයි. මෙය ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් වනු නිසැකය. එමෙන්ම ආරක්ෂාව වැඩි කිරීම සඳහා බයෝමෙට්‍රික් ඔතෙන්ටිකේශන්  (Biometric Authentication)  සහ එක්වරක් පමණක් භාවිතා කළ හැකි රහස්‍ය කේත ක්‍රමය (OTP-based verification) වැනි ක්‍රමද හඳුන්වා දී තිබේ. එම නිසා ගනුදෙනුකරුවන්ට තම තොරතුරුවල ආරක්ෂාව පිළිබඳව සිත් තැවුල් ඇතිකරගැනීමෙන් තොරව ගනුදෙනු කළ හැකි වේ. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසුවේ වර්තමානය වන විට ඩිජිටල් බැංකුකරණය හුදෙක් සුඛෝපභෝගී සේවාවක් නොව එදිනෙදා ජීවිතයේම අත්‍යවශ්‍ය කොටසක් බවට පත් වී ඇති බවයි. DFCC ONE  දැනටමත් අතිශය ඵලදායී යෙදවුමක් වුවද අනාගත සංස්කරණවලදී එයට තවත් විශේෂාංග රැසක් එක් කිරීමට බලාපොරොත්තු වන බවත්, DFCC ONE ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සාර්ථක ඩිජිටල් යෙදවුම් සඳහා විශිෂ්ටතම උදාහරණය බවට පත්කිරීම තම අරමුණ බවත්, ඒ ඔස්සේ DFCC බැංකුව මෙරට වඩාත් පහසුවෙන්ම ගනුදෙනු කළ හැකි, ඉහළම පාරිභෝගික තෘප්තියක් සහතික කරන බැංකුව බවට පත් වනු ඇති බවත් ඔමාර් සහිබ් මහතා වැඩිදුරටත් පැවසීය. 
DFCC ONE නිර්මාණය කිරීම සහ වැඩිදියුණු කිරීම සිදුකරන ලද්දේ ගනුදෙනුකරුවන්ගේ අදහස් පුළුල් ලෙස සැලකිල්ලට ගනිමිනි. එහි Peek Balance සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ලොග් වීමෙන් තොරව තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ හැකි වේ. 
බයෝමෙට්‍රික් ඔතෙන්ටිකේශන් තුළ ඇඟිලි සලකුණු හෝ මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය භාවිත වන නිසා තොරතුරුවල ආරක්ෂාව තහවුරු වේ. විද්‍යුත් පාස්පොත් ක්‍රමය (ePassbook) මාන්‍ය පරිදි මුද්‍රිත වාර්තා පවත්වා ගැනීම අවශ්‍ය නොවන අතර, ඩිජිටල් ක්‍රමයට ක්ෂණිකව තම ගනුදෙනුවල ඉතිහාසය පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ. 
OTP ක්‍රමය ගනුදෙනුකරුවන්ට වැඩි ආරක්ෂාවක් හිමි වීමට බලපාන තවත් සාධකයකි. ක්‍රෙඩිට් කාඞ්පත් මගින් බිල්පත් ගෙවීමට හැකි වීම මගින් පාරිභෝගිකයන්ට තම මුදල් ප්‍රවාහය පිළිබඳ සීමා නොතකා කාර්යක්ෂම ලෙස බිල්පත් ගෙවීම සිදු කළ හැකි වේ.



අදහස් (0)

DFCC ONE යෙදවුම හඳුන්වාදෙමින් ඩිජිටල් බැංකුකරණයේ නව මානයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 888 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site