IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


DFCC වාර්ෂික වාර්තාව ඩිජිටල් ක්‍රමයට

DFCCබැංකුව සිය 2020 වාර්ෂික වාර්තාව එළිදැක්වීමේදී ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. මෙය මේ වනවිට ලොවම හැඩගැසෙමින් පවතින නව ප්‍රවණතා ('New Normal') වලට අනුගත වෙමින්, 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුව සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ  ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් බව එම බැංකුව සඳහන් කරයි. 

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ඩිජිටල්-ප්‍රමුඛත්වය අපගේ වසර 2025 ක්‍රමෝපායේ වැදගත් අංගයක්. එය අපට මේ ආකාරයට යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමටත්, 2020 වසරේදී ඇතිවූ අභියෝගකාරී තත්ත්වයට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවීමටත් ප්‍රධාන වශයෙන් හේතු වූවා. දැන් අපගේ ගනුදෙනුකරුවන්ට නවීනතම ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ දුරස්ථ ක්‍රමයට අප සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම පරිසර හිතකාමීත්වය අතින් ගත්විට, අපද්‍රව්‍ය වලින් බලශක්තිය නිපදවීම මෙන්ම ජලය, සුළඟ සහ සූර්යාලෝකය මගින් බලශක්තිය නිපදවීමේ හරිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතම ණය දෙන්නෙකු ලෙසDFCC බැංකුව ඉදිරියෙන්ම සිටින බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. 2021 වසරේදීත් සාර්ථක ලෙස ඉදිරියට යාමටDFCC බැංකුව සූදානම්.”‍ 

මෙම වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී, විවිධ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලන ආකාරයට, එකිනෙකට වෙනස් මාධ්‍ය හා ආකෘතීන් භාවිතා කිරීමටDFCC බැංකුව කටයුතු කර තිබේ. එම පාර්ශ්වකරුවන්ගේ එකිනෙක වෙනස් අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කිරීමට බැංකුවට අවස්ථාව සලසා දෙන විශේෂාංග වලින් සමන්විත, HTML ක්‍රමයට සකස් කළ වාර්තාව මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. 



අදහස් (0)

DFCC වාර්ෂික වාර්තාව ඩිජිටල් ක්‍රමයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site