IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


DFCCජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සොහාන්ත විජේසිංහ පත්කෙරේ

(චමින්ද මුණසිංහ)

DFCCබැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කර තිබේ. 2021 ජනවාරි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

සොහාන්ත විජේසිංහ මහතා ශාඛා බැංකුකරණය, වෙළඳ මූල්‍ය සේවා, ගෙවීම් හා මුදල් කළමනාකරණය, සහ ආයතනික හා වාණිජ බැංකුකරණ වැනි අංශ සම්බන්ධයෙන් දශක අත්දැකීම් සම්භාරයක් හිමි ප්‍රවීණ බැංකු සේවා වෘත්තිකයෙකි.

DFCC බැංකුව සමග එක්වීමට පෙර විජේසිංහ මහතා HSBC Sri Lankaහි වසර 22 ක කාලයක් සේවය කළ අතර එහිදී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මට්ටමේ තනතුරු රැසක් දරා ඇත. එහි මූල්‍ය ආයතන ප්‍රධානී ලෙස කටයුතු කළ කාලයේදී ඒ මහතා එවකට දේශීය බැංකුවක් සඳහා වූ විශාලම ඒකාබද්ධ ණයක් ලෙස සැලකුණු ගනුදෙනුවක් සම්බන්ධ කටයුතු වලදී පෙරමුණ ගනිමින් එම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන්නේ ය. ගෙවීම් හා මුදල් කළමනාකරණ ප්‍රධානී ලෙස කටයුතු කරමින් ඒ මහතා වසර 3 ක් පුරා විශිෂ්ටතම මුදල් කළමනාකරණ බැංකුව සඳහා වන යූරෝමනී සම්මානය දිනාගැනීම සඳහා සිය කණ්ඩායමට නායකත්වය දුන් අතර, ජාත්‍යන්තර අනුබද්ධ බැංකුකරණ ප්‍රධානී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සුවිශේෂී මට්ටමේ ගනුදෙනු සිදුකිරීමටත්, ප්‍රමුඛ පෙළේ ආයතනික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. ඊට අමතරව HSBC බැංකුව වෙනුවෙන් මාලදිවයින සඳහා වැඩබලන දේශීය කළමනාකරු ලෙසද, එම බැංකුවේ වැඩබලන මහා පරිමාණ බැංකුකරණ සේවා ප්‍රධානී ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

කොළඹ 10 ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සොහාන්ත විජේසිංහ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වේ.

 



අදහස් (0)

DFCCජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සොහාන්ත විජේසිංහ පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site