
ව්‍යාපාර, ප්‍රදර්ශනාගාර, සෞඛ්‍යය, රෝහල්, වෙළෙඳසැල්, ඇඟලුම් සහ තවත් බොහෝ අංශ සඳහා අවම කාල විසඳුම් සොයන පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්, අංක 48, ආර්. ඒ. ද. සිල්වා මාවත, කොළඹ 04 යන ලිපිනයේදී පසුගියදා විවෘත විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සහභාගී විය.
Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණයෙන් සපිරි පෝලිම් රහිත වෙළෙඳ අයකැමි යන්ත්‍ර, අවම කාලයකින් මහා පරිමාණ තොග ගණනය කිරීමේ යන්ත්‍ර, රෝහල්වල රෝගී දත්ත කළමනාකරණ යන්ත්‍ර, නිෂ්පාදන සහ ඇසුරුම් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, සුපිරි වෙළෙඳසැල් සහ ඇගැලුම් අංශවල කටයුතු වඩාත් පහසු කරන විසඳුම් මිලට ගැනීමේ හැකියාව ඇත. මේ සියල්ල මනාව පරීක්ෂා කර බලා ඒවායේ අත්දැකීමද ලබා තම ආයතනයට වඩාත් ගැළපෙන නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට සහාය වන පළපුරුදු කාර්ය මණ්ඩලයක්ද Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර් සතුය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
DB Automation ‘Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්’ බම්බලපිටියේදී විවෘත වේ