IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ComBank Q+ ඇප් සේවාවට 50,000 කට අධික පිරිසක්

LANKAQR පද්ධතියට හඳුන්වා දුන් පළමු ක්ෂණික ප්‍රතිචාර (QR) පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරමින් මේ වනවිට 50,000 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් එම ඩිජිටල් ගෙවීම් විසඳුමේ පහසුව සහ ආරක්ෂාව භුක්ති විදින බව එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත් සහ පෙරගෙවුම් කාඩ්පත් හිමියන්ට සහ වෙළෙඳුන්ට ඉතාමත් පහසු මෙන්ම කරදරයකින් තොර ගෙවීමේ විකල්පයක් ලෙසින් ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම නිර්මාණය කර තිබේ. මෙමගින් ඔවුන්ව ඊළඟ අදියරේ ඩිජිටල් ගෙවීම් වෙත කැඳවාගෙන ගොස් තිබෙන බවද බැංකුව සඳහන් කරයි. මෙම ඇප් පහසුකම හඳුන්වාදීමෙන් පසුව කාඞ්පත් හිමියන්ට තමන් කරන මිලදීගැනීම් සඳහා ඉතාමත් සරලව සහ ආරක්ෂාකාරීව වෙළෙන්ඳාගේQR කේතය ස්කෑන් කිරීම මගින් ජංගම දුරකතනය ඔස්සේ ගෙවීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම ඇප් පහසුකමේ වැඩිදියුණු කිරීම් ගණනාවක්ම මේ වනවිටත් සිදුකර ඇත.

ගනුදෙනුකරුවන්ට සිය ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට ComBank Visa, Mastercard සහ UnionPay කාඩ්පත් ඇතුළත් කරමින් LankaQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සිදුකළ හැකිවේ. මේ අනුව, ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට උපරිම වශයෙන් කාඩ්පත් 05 ක් ඇතුළත් කළ හැකි අතර LankaQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සඳහා සහාය දක්වන ලංකාවේ එකම ගෙවීමේ ඇප් සේවාව වන්නේද ComBank Q+ ඇප් සේවාවයි. එසේම, Visa සහ MasterCard ජාලයන් හරහා විදේශීය Q+ වෙළෙඳ ගනුදෙනු සඳහාද භාවිතා කිරීමට ූ ඇප් පහසුකම සහතිකකරණය ලබාගෙන ඇත.

 



අදහස් (0)

ComBank Q+ ඇප් සේවාවට 50,000 කට අධික පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site