
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Cafe ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී ලාංකික රස මුසු වූ ආහාර පාන රස විඳීමට අවස්ථාව සැපැයීම එහි ප්‍රධාන අරමුණ විය.
සීතල නුවරඑළියේ අසිරිය විඳීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඊට උණුසුම් ප්‍රතිචාර ලැබිණි. කොළඹ පදිංචි බොහෝ පාරිභෝගිකයන් අවුරුදු සමයේ නුවරඑළියේ සංචාරය කිරීම සැළකිල්ලට ගනිමින් විවෘත කර තිබූ මෙම තාවකාලික අලෙවිසැල උපායමාර්ගික මුල පිරීමක් විය.
පාරිභෝගිකයන්ට මෙහිදී සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් නූඩ්ල්ස්, ටොම් යම් සුප්, හොට් බටර් කට්ල්ෆිෂ්, ක්‍රිස්පි ස්ප්‍රින් රෝල්ස් වැනි Chinese Dragon Cafe සන්නාමය හා බැඳුණු සුවිශේෂ ආහාර පාන රැසක් රස විඳීමට හැකියාව ලැබිණි. විශේෂ ඩිලිවරි සේවාවක්ද ක්‍රියාත්මක වූ අතර හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක බංගලා වැනි ස්ථානවල නවාතැන් ගෙන සිටි අමුත්තන්ට එය විශාල පහසුවක් විය. මෙය නුවරඑළියේ Chinese Dragon Cafe තාවකාලික අලෙවිසැලක් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව විය. ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන්ද ඊට උණුසුම් ප්‍රතිචාර හිමි විය.
“Chinese Dragon Cafe ගැන අහලා තිබුණත් ඔවුන්ගේ ආහාර පාන රස විඳින්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නිතර අසන්නට ලැබෙන එවැනි අවන්හලක ආහාර රස විඳින්නට ලැබීම ගැන බොහොම සතුටුයි.” එක් පදිංචිකරුවෙක් පැවැසීය. “අපගේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයකට ගොස් ඔවුන්ට Chinese Dragon Cafe අත්දැකීම සපයන්න අපට අවශ්‍ය වුණා. ඒ පිළිබඳව ඉතා යහපත් ප්‍රතිචාර ලැබුණා. නුවරඑළිය වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක හුරුපුරුදු නමක් දකින්නට ලැබීම පාරිභෝගිකයන්ටත් විශාල සතුටක්. ඉදිරියේදීත් මෙවැනි මුලපිරීම් හරහා පාරිභෝගිකයන්ට අපගේ ආහාර පාන රස විඳින්න අවස්ථාව සලසන්න අප බලාපොරොත්තු වෙනවා.” Chinese Dragon Cafe ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
535
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Chinese Dragon Cafe නුවරඑළියේ අලෙවිසලට ඉහළ ප්‍රතිචාර
Kamal Koyrala Wednesday, 21 May 2025 03:41 PM
සුපිරි, මහින්ද සුපිරි, චීනු නොවුණට අපේ දක්ෂ කොල්ලො සුපිරියටම වැඩේ දීලා...