IMG-LOGO

CEEDECS Lanka ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන CEEDECS Lanka Holdings  පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඛණිජ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නවතම නිෂ්පාදනය වන Harithaweli Ready Mix අගයමින් එම සම්මානය පිරිනමන ලදී. 

1999දී ආරම්භ වී 2016දී සංස්ථාපිත ආයතනයක් වූ  CEEDECS Lanka Holdings  දශක දෙකකට වැඩි කාලයක් පුරා ඉදි කිරීම්, උපදේශන, ගෘහ නිර්මාණ සහ අභ්‍යන්තර නිර්මාණ සේවා සපයා ඇත. මහර පිහිටා ඇති එම සමාගම රට පුරා විහිදී ඇති නේවාසික සහ වාණිජමය ව්‍යාපෘති රැසකට සේවා සපයයි.

CEEDECS Lanka Holdings  පසුගිය කාලය පුරා පරිසර හිතකාමී නවෝත්පාදන පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත. එම දැක්ම යටතේ වෙළෙඳපොළට හඳුන්වා දුන් Harithaweli Ready Mix  ගංගා සහ මුහුදු වැලි අඩංගු නොවන පරිසර හිතකාමී කපරාරු සහ ඉදි කිරීම් මිශ්‍රණ සන්නාමයකි. සාධාරණ මිලට විවිධ වර්ණවලින් ගත හැකි එම නිෂ්පාදන භාවිතයට පහසු අතර කල් පැවැත්මෙන් ඉහළය. ස්වාභාවික නිමාවක් දෙන එම නිෂ්පාදනවලට ඉදි කිරීම් ශිල්පීන්ගෙන් සහ මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලු‍මකි. එම සමාගමේ පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන අතර Ready-Mix  ප්ලාස්ටර් (අළු සහ සුදු), Water Proof ප්ලාස්ටර්, බි්‍රක් බොන්ඞ් බ්ලොක්, මැටියෙන් නිෂ්පාදිත පොටි, ටෙරාසෝ මිශ්‍රණ, ටයිල් අලවන, ටයිල් මෝටාර්, බිම සහ බිත්ති සඳහා යොදා ගන්නා ටයිටෙනියෙම්, වෝ ල් පොටි, ජල කාන්දුවීම් විසඳුම් ප්‍රධාන වේ. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් නිපදවන ඒ සියලු‍ නිෂ්පාදන දැඩි තත්ත්ව පරීක්ෂාවලට ලක් කෙරේ. CEEDECS Lanka Holdings දේශීය සහ ජාත්‍යන්තර තත්ව සහතික රැසක් ලබා ඇත. කඩවත, ත්‍රිකුණාමලය, මීගමුව, හැටන්, මන්නාරම ඇතුළු ප්‍රදේශ 21ක ඔවුන්ට අයත් අලෙවිසැල් පිහිටා තිබේ. 



අදහස් (0)

CEEDECS Lanka ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site