IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


CEAT සමාගම CAMSO සන්නාමය හිමිකරගනිමින් වෙනසකට මුලපුරයි

 

  • CEAT සමාගම, ඉදිරි වසර තුනේදී ලංකාව තුළ අමෙරිකානු ඩොලර් මිලියන 171ක ආයෝජනයක් සහ නව රැකියා 1,483ක් සුරක්ෂිත කරමින් ගෝලීය මට්ටමේ මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre - OHT) නිෂ්පාදකයකු ලෙස ලංකාව ඉහළට ඔසවාතැබීමට සැලසුම් 

රථවාහන ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන CEAT සමාගම, Michelin සමූහයට අයත් මිදිගම කර්මාන්තශාලාව සහ කොටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව පිහිටි CAMSO Construction Compact Line ව්‍යාපාරය අත්පත්කරගැනීම පසුගියදා නිවේදනය කළේය. මෙම ආයෝජනයත් සමඟ CAMSO සන්නාමයේ හිමිකාරීත්වය ද CEAT සමාගම සතුවේ. වසර තුනක ව්‍යාපාර පැවරීමේ කාලසීමාවේදී CAMSO හි සියලු‍ මෙහෙයුම් අංශ පූර්ණ වශයෙන් CEAT සමාගමට හිමිවනු ඇත. 

මෙසේ CAMSO සන්නාමය හිමිකරගැනීම, CEAT සමාගමේ දිගුකාලීන දැක්මෙහි සහ මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre - OHT) නිෂ්පාදන වැඩසටහනෙහි කැපීපෙනෙන සන්ධිස්ථානයකි. පසුගිය දශකයකට අධික කාලය තුළ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රබල තැනක් අත්පත්කරගැනීමට CEAT සමාගමට හැකිවූ අතර මෙම නව ආයෝජනයක් සමගින් විදෙස් රටවල් 40කට වැඩි ගණනකට නිෂ්පාදන අපනයනය කරමින් මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) සඳහා ජාත්‍යන්තර නිෂ්පාදන බෙදාහරින්නකු ලෙස ඉදිරියට පැමිණීමට ද අවස්ථාව උදාවනු ඇත. ඊට සමගාමීව Michelin සමූහය ඉදිරියේදී compact line සහ ඉදිකිරීම් කර්මාන්ත අංශයට අවශ්‍ය ටයර් නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරවනු ඇත.

පළමුවෙන්ම, ලංකාව තුළ සිදුකරන මෙම ආයෝජනය වෙනුවෙන් CEAT සමාගමට සුබපැතුම් එක්කිරීමට මා කැමැතියි. මෑතකාලීනව ලංකාවේ දැවැන්තම ඍජු විදේශ ආයෝජන හවුල්කරු ලෙස ඉන්දියාව පෙරට පැමිණ තිබෙනවා. එම ප්‍රවණතාව තවදුරටත් ඉදිරියට යනු දැකීම මට මහත් සතුටක්. දෙරට අතර මෙම ආයෝජන හවුල්කාරීත්වය වෙනුවෙන් දෙරටෙහිම නායකත්වයෙන්ද විශාල පිටුවහලක් හිමිවෙනවා. දෙරටෙහිම ජනතාවට සමෘද්ධිමත් අනාගතයක් බිහිකිරීමේ දැක්ම ඒ පිටුපස තිබෙනවා. මෙසේ ඉන්දියානු පෞද්ගලික අංශය ලංකාවේ ආයෝජනය කිරීමත් සමග දෙරටෙහි ආර්ථික සහ වාණිජ සබඳතාව වඩාත් ශක්තිමත් වනු ඇති බව මට විශ්වාසයි’ යනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරික් සන්තෝෂ් ජා මහතා පැවසුවේය.

ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් compact construction equipment ව්‍යාපාර අත්පත්කරගැනීමෙන් මාර්ගවලට පිට ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වීමේ සිය දිගුකාලීන දැක්ම සාක්ෂාත් කරගැනීමට CEAT සමාගමට ඉඩලැබේ. ඉදිරියටත් එවැනි තිරසාර වර්ධනයක් ඇති කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු, යනුවෙන් CEAT Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අර්නබ් බැනර්ජි ප්‍රකාශ කළේය. 



අදහස් (0)

CEAT සමාගම CAMSO සන්නාමය හිමිකරගනිමින් වෙනසකට මුලපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site