IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


CDB සමාගමේ ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ හැකියාවට ISO 22301:2019 සහතිකකරණය

 

  • ශ්‍රී ලංකාව තුළ එම සහතිකකරණය හිමිකරගත් ප්‍රථම බැංකු නොවන මූල්‍ය සේවා සමාගම බවට CDB පත්වෙයි.

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය  (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් එම සහතිකකරණය හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය බව එම සමාගම සඳහන් කරයි.

මීට ඉහත ISO 27001:2013 සහතිකකරණය හිමිකරගත් CDB සමාගම එය වසර 6 ක කාලයක් පවත්වා ගත් අතර, පසුව 2024 සැප්තැම්බර් මාසයේදී තොරතුරු ආරක්ෂණ කළමනාකරණය වෙනුවෙන් ISO 27001:2022 සහතිකකරණය හිමිකරගැනීමට සමත් විය. ISO 22301:2019 සහතිකකරණය මෙම අඛණ්ඩ සාර්ථකත්වයේ නවතම සන්ධිස්ථානය ලෙස හැඳින්විය හැකි වේ. අඛණ්ඩව මෙබඳු සහතිකකරණ හිමි කරගනිමින්, ආරක්ෂාව හා මෙහෙයුම් ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු බාධාවකින් තොරව ගනුදෙනුකරුවන් වෙත තම සේවා අඛණ්ඩව ලබාදීමට CDB සමාගමට හැකියාව ඇති බව තහවුරු කරන විශ්වාසනීය සහතිකයකි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේය. සමාගම සිය මෙහෙයුම්වලදී සෑම විටම ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරනු ලබනවා. ISO 27001 සහ ISO 22301 සහතිකකරණ හිමි වීම යනු පාරිභෝගික දත්තවල ආරක්ෂාව, ව්‍යාපාර අඛණ්ඩතාව, අවදානම්වලට මුහුණදීමේ හැකියාව යනාදිය තහවුරු කරන මනා සාක්ෂියක්. එමගින් මෙරට ජනතාවගේ විශ්වාසනීය මූල්‍ය හවුල්කරුවකු ලෙස CDB සමාගම සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇති. 

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස CDB සමාගම නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්‍රමිති ආරක්ෂා කරගන්නා අතරම, ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා අනුව හැඩගැසීමට පියවර ගෙන තිබේ. කවදත් ආයතනික යහපාලනයට සහ නියාමන අනුකූලතාවට ප්‍රමුඛත්වය දුන් CDB සමාගම, විශ්වසනීයත්වය පවත්වා ගනිමින් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි මෙන්ම අනෙකුත් ගිණුම්කරණ හා ආයතනික පාලන නියාමනයන්ට අනුකූලව කටයුතු කිරීම ඔස්සේ සුරක්ෂිත හා විශ්වාසනීය සේවා එකතුවක් පිරිනැමීමටත්, ගනුදෙනුකරුවන්ගේ දත්ත හා තොරතුරුවලට උපරිම ආරක්ෂාවක් ලබාදීමටත් සමාගම සමත් වී තිබේ. 

 



අදහස් (0)

CDB සමාගමේ ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ හැකියාවට ISO 22301:2019 සහතිකකරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 138 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1571 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site