IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


C-Four සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් SLIM රන් සම්මාන දිනයි

මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C - Four සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇඟලු‍ම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධාන කරනු ලබයි. C – Four සමාගම මෙම රන් සම්මානය 2022 දී මෙන්ම මෙම වසරේදී ද දිනා ගැනීම ඉතා විශිෂ්ට ජයග්‍රහණයකි. ඒ අනුව අඛණ්ඩව ජාතික පිළිගැනීමක් ලැබූ සමාගමක් බවට C – Four සමාගම පත් වී ඇත. 

ශ්‍රී ලාංකිකයන්ට බියකින් තොරව සුවපත්, සෞඛ්‍යාරක්ෂිත නින්දක් හිමිකර දීමට සමත් උසස් ප්‍රමිතියේ මදුරු දැලක් සාධාරණ මිලකට නිර්මාණය කිරීමේ අරමුණෙන් 2009 දී ඇරැඹුණු C – Four සමාගම වර්තමානයේදී NOVA, SUPER FIT, BUTTERFLY, BOXER සහ ස්වාමීන් වහන්සේලා සඳහා වන පූජනීය පූජා දැල් ඇතුළු පුළුල් මදුරු දැල් නිෂ්පාදන වපසරියකට හිමිකම් කියයි. ලංකාව පුරා 300,000 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සහ 1,500 කට අධික අලෙවි නියෝජිත ජාලයක් C – Four සමාගම සතුය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය, කල් පැවැත්ම, අලංකාර ඇසුරුම් ක්‍රම, දැඩි තත්ව පාලන ක්‍රමවේද සහ නිර්මාණාත්මක නවෝත්පාදන නිසා විශ්වාසනීය සන්නාමයක් ලෙස C – Four සමාගම කීර්ති නාමයක් දිනා ඇත. 2019, 2020, 2022 වසරවලදී සබරගමු පළාතේ විශිෂ්ටම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානවලින් C – Four සමාගම පිදුම් ලබා ඇත. වර්තමානයේදී C – Four සන්නාමය ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමේ පුළුල් කර්තව්‍යයට සමාගම සූදානමින් සිටී. “අප නිපදවන්නේ සාමාන්‍ය මදුරු දැලක් නොවේ. අප නිෂ්පාදනය කරන්නේ සුව පහසු, බියෙන් තොර, සෞඛ්‍යාරක්ෂිත, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු නින්දක් පිළිබඳ අපගේ ආදරණීය පාරිභෝගිකයන්ගේ විශ්වාසයයි.” C – Four ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ චින්තක සිල්වා මහතා පැවසීය.

 



අදහස් (0)

C-Four සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් SLIM රන් සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site