

ඩිජිටල් ක්ෂේත්‍රයේ ඉහළම විශිෂ්ටත්වයක් සනිටුහන් කරමින්, මොනාර්ක් ඉම්පීරියල්හි පැවැත්වුණු 16 වැනි BestWeb.LK 2026 සම්මාන උළෙලේදී ‘හොඳම ආහාර හා පානීය වෙබ් අඩවිය’ (Best Food & Beverage Website) කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීමට ඉම්පීරියල් ටීස් (Imperial Teas Group) සමූහය සමත් වී තිබේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන ලද විධිමත් හා ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම සම්මාන පිරිනමනු ලබයි. තාක්ෂණික ක්‍රියාකාරීත්වය, නිර්මාණශීලීත්වය, අන්තර්ගතයේ ගුණාත්මකභාවය, පාරිභෝගික සන්නිවේදනය, ජංගම දුරකථන සේවා සඳහා ඇති සුදුසුබව (Mobile Optimization), බහු-භාෂා සහාය, පාවිච්චි කිරීමේ පහසුව සහ සමාජීය වටිනාකම යන කරුණු මෙහිදී ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක් විය.
ආහාර හා පානීය වෙබ් අඩවි කාණ්ඩයේ රන් සම්මානය දිනාගනිමින් ඉම්පීරියල් ටීස් සමූහය තම නිල වෙබ් අඩවිය වන www.imperialteasgroup.lk හි ඇති ප්‍රමිතිය සහ ශක්තිමත්භාවය ලෝකය හමුවේ තහවුරු කර ඇත.
ආහාර හා පානීය ක්ෂේත්‍රයේ අභිමානවත් උරුමය, නවීනතම ඩිජිටල් තාක්ෂණය සමග මනාව මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය මඟින් ජාත්‍යන්තර මිලදී ගන්නන්, ව්‍යාපාරික පාර්ශ්වකරුවන් සහ පාරිභෝගිකයන් වෙත සමාගමේ නිෂ්පාදන, සේවා සහ ගෝලීය ක්‍රියාකාරීත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ පහසුකම සලසා ඇත.
මෙම ජයග්‍රහණය මගින් පෙන්නුම් කරන්නේ උසස් ඩිජිටල් සන්නිවේදන ප්‍රමිති පවත්වා ගැනීමටත්, ලොව පුරා සිටින පාරිභෝගිකයන් හා පාර්ශ්වකරුවන් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් සමාගම දක්වන කැපවීමයි.
මෙම රන් සම්මානය, ඉම්පීරියල් ටීස් සමූහයේ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය කරා යන ගමනේ තවත් එක් සන්ධිස්ථානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd