IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘Berry Much in Nuwara Eliya’ අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී

දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන  Berry Much  සංවිධානය ‘Berry Much in Nuwara-Eliya’  සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන අයට නැවුම් බෙරි වර්ගවලින් සකසන ආහාර පාන රස විඳීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක නිරත වීමටත් අවස්ථාව ලැබේ. 

නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේ පැවැත්වෙන එයට බෙරි තේමාව කර ගත් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන අවන්හලද ඇතුළත්ය. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්ප්බෙරි, බ්ලැක්බෙරි සහ ගූස්බෙරි ඇතුළු නුවරඑළියේ වගා කළ නැවුම් බෙරි යොදා ගෙන පිළියෙළ කරන ආහාර පාන රැසකින් සමන්විත මෙම පාවෙන අවන්හල සැණකෙළියේ ප්‍රධාන අංගය වේ. 

දේශීයව වගා කරන බෙරි වර්ගවල නැවුම් බව සහ ප්‍රණීත රසය අත්විඳීමට දේශීය සහ විදේශීය සංචාරකයන්ට අවස්ථාව සැපැයීමේ අරමුණෙන් ‘Berry Much in Nuwara-Eliya’  සංවිධානය කර ඇත. ග්‍රෙගරි වැව උද්‍යානයේ පිහිටි අලෙවිසල වෙත ගොස් බෙරි නිෂ්පාදන රස විඳීමටත්, විශේෂ වට්ටම් යටතේ මිල දී ගැනීමටත්, බෙරි තේමාව කර ගත් විනෝදාත්මක ක්‍රියාකාරකම්වල යෙදීමටත් හැකිය. 

#BerryMuchInNuwaraEliya යනුවෙ න්  hashtag  එක යොදා ඉන්ස්ටග්‍රෑම්හි [email protected]  පිටුව ටැග් කරන ඕනෑම අයකුට දිනපතා ත්‍යාග දිනා ගත හැකිය. හානිකර රසායන සහ බැර ලෝහ අඩංගු නොවන බවට සහතික කර ඇති සියලු‍ම බෙරි වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන එකම ශ්‍රී ලාංකික සමාගම Berry Much  ය. එහි සෑම නිෂ්පාදනයක්ම නැවුම් බවින් සහ සුරක්ෂිත බවින් ඉහළය. මෙම ව්‍යාපෘතියෙන් දේශීයව වගා කරන බෙරි පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් සැපැයීමටත් අපේක්ෂා කෙරේ. 



අදහස් (0)

‘Berry Much in Nuwara Eliya’ අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site