IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


BYD විද්‍යුත් හා දෙමුහුම් මෝටර් රථ 5000 ක් ඇණවුම් කරලා

විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලාංකිකයන් මේ වනවිට බී.වයි.ඩී විද්‍යුත් හා දෙමුහුම් මෝටර් රථ 5000 ක් ඇණවුම් කර තිබෙන බවත් චීනයෙන් එම නැව්ගත කිරීම් ලැබෙන පිළිවෙළට එම ඇණවුම් මුදා හරින බවත් බී.වයි.ඩී’ සමාගමේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පෙරේදා (27) ප්‍රකාශ කළේය.
බලාපොරොත්තු වූ මට්ටමට වඩා බී.වයි.ඩී’ විද්‍යුත් හා දෙමුහුම් මෝටර් රථ සඳහා ඉල්ලු‍මක් තිබෙන බවත් මෙරට වර්තමානයේ තිබෙන මෝටර් රථ මාදිලිවලට අමතරව තවත් මාදිලි 6 ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් බාලේන්ද්‍ර මහතා පැවැසුවේය.


ආරම්භයේදී බී.වයි.ඩී සීලයන් 6 මෝටර් රථය සඳහා අධික ඉල්ලු‍මක් තිබූ බවත් නමුත් මේ වනවිට පොදුවේ සියලු‍ම විද්‍යුත් මෝටර් රථවලට තිබෙන ඉල්ලු‍ම ඉහළ ගොස් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. බාලේන්ද්‍ර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිනමන් ලයිෆ් හෝටලය වෙනුවෙන් මෙරටට අලු‍තින් හඳුන්වා දෙන ඩෙන්සා සුඛෝපභෝගී මෝටර් රථ 7 ක් දැනමටත් ලබාගෙන තිබෙන බවයි.
බී.වයි.ඩී ශාර්ක් 6 මෝටර් රථය මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා සිනමන් ලයිෆ් හෝටලයේදී පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.එහිදී බී.වයි.ඩී සමාගම මෑතකදී අත්පත් කරගත් ඩෙන්සා සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමය මෙරටට හඳුන්වාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමටද දෙපාර්ශවය අත්සන් තැබුවේය.
එහිදී අදහස් දක්වමින් බී.වයි.ඩී සමාගමේ ආසියා ශාන්තිකර කලාපයේ සාමාන්‍යාධිකාරී ලී සුවෙලින් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වනවිට චීනයේ බී.වයි.ඩී වාහන දැවැන්ත ලෙස මිල අඩු කරමින් ක්‍රියාත්මක වන ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවට අදාළ නොවන බවයි.



අදහස් (0)

BYD විද්‍යුත් හා දෙමුහුම් මෝටර් රථ 5000 ක් ඇණවුම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site