IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසලදී පසුගියදා විවෘත කළේය.
මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවැනි අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය හා සමාන උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අතිනවීන පහසුකම්වලින් යුතුව නිර්මාණය කර ඇත. මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරය BYD SEALION 6, BYD ATTO 3, BYD SEAL, BYD DOLPHIN iy BYD M6 සහ BYD M6 යන මාදිලිවලින් සමන්විත වන අතර එමගින් දකුණු කලාපයේ පාරිභෝගික ජනතාවට BYD හි අති නවීන ඉලෙක්ට්‍රික් සහ plug-in hybrid මෝටර් රථ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙයි.
John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශයේ සභාපති චරිත සුබසිංහ මහතා මෙසේ පැවසුවේයග “ශ්‍රී ලංකාව තුළ BYD හි වර්ධනය මගින් නව බලශක්ති වාහන වෙළෙඳපොළ ඉදිරියට ගෙන යාම සඳහා අපගේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරනවා. අපගේ ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟින් BYD දකුණු කලාපයේ පාරිභෝගිකයන්ට NEV වාහන මිලදී ගැනීමේ හැකියාව පහසු කරනවා පමණක් නොව රටේ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා ශක්තිමත් සහ දිගුකාලීන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට ද දායක වනවා.”
මෙම ප්‍රදර්ශනාගාරයට අමතරව BYD පාරිභෝගිකයන් සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සැපයීම සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. තවද මෙය ශ්‍රී ලංකාව පුරා සිය සේවා ජාලය සහ යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා BYD හි දිගුකාලීන දැක්ම සමඟ සමපාත වේ.
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන සඳහා යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීමේ BYD හි කැපවීම පෙන්නුම් කරමින් BYD සහ John Keells CG Auto රටේ ප්‍රධාන ස්ථානවල ඉලෙක්ට්‍රික් වාහන (EV) charge කිරීමේ පහසුකම් පුළුල් කිරීමට ද කටයුතු කර ඇත. ඒ අනුව charge කිරීමේ ස්ථාන දැනටමත් කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර ඇතුළුව දකුණු කලාපයේ ප්‍රධාන සංචාරක ගමනාන්ත වන කරාපිටිය, මාතර සහ තංගල්ල දක්වා ද පුත්තලම, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රධාන ස්ථානවල ද පිහිටා ඇත. මෙය ඉලෙක්ට්‍රික් වාහන හිමිකරුවන්ට තම වාහන charge කිරීමට පහසුවක් වනු නිසැකය. තවද මෙම ආයෝජනය ශ්‍රී ලංකාව තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම සඳහා ශක්තිමත් යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ BYD හි අරමුණට සහාය දක්වයි. 



අදහස් (0)

BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site