• Beira Brush ආසියාවේ විශාලතම කාර්මික බුරුසු නිෂ්පාදකයන් අතරට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදන සමාගමක් වන BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හේලීස් සමූහයට අයත් Ravi Industries Limited සමාගමේ Ravi බුරුසු සන්නාමය සහ පාරිභෝගික පදනම අත්පත් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.

BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන Beira Brush (පෞද්) සමාගම සහ Ravi Industries Limited අතර ඇති කරගන්නා ව්‍යාපාර හුවමාරු එකඟතාවක් (BTA) හරහා මෙම ගනුදෙනුව සැලසුම වී තිබේ. මෙහිදී Ravi සන්නාමය සහ ඊට අදාළ බුද්ධිමය දේපළ හුවමාරු කර ගැනේ. 

මෙම ගනුදෙනුවට අදාළ මුදල් වසර පහක කාලයකදී ගෙවීමට අවධානය යොමුව ඇති අතර, එහිදී අදාළ සන්නාමය සහ එහි පාරිභෝගික පදනම හුවමාරු කිරීම හරහා ලැබෙන ආදායම් මගින් එම මුදල් වාර්ෂිකව පියවීම එකඟතාව වී තිබේ. ඒ අනුව වසර පහක කාලයක් සඳහා අවම මුදල රුපියල් මිලියන 300 කි. 

මෙම හුවමාරුවත් සමගින්ම Ravi Industries පාරිභෝගිකයන් සඳහා වන නිෂ්පාදන ඉහළ පිරිවැය කාර්යක්ෂමතාවක් සහිතව සිය Beira Brush නිෂ්පාදන පරිශ්‍රය හරහා සිදුකළ හැකි වනු ඇති බවත්, ඒ හරහා Beira Brush ආසියාවේ විශාලතම කාර්මික බුරුසු නිෂ්පාදකයන් අතරට පත්වනු ඇති බවත් පවසයි.