IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘BOC Awards’’ උපාධිධාරී විශිෂ්ටයන් අගයයි

ශ්‍රී ලංකාවේ අංක 01 බැංකුව, ලංකා බැංකුව (BOC) ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සවවලදී උසස් ප්‍රතිඑල ලබාගත් උපාධිධාරීන් අගයනු වස්,‘BOC Awards’ වැඩසටහන 2020 වසරේ සිට ක්‍රියාවට නංවා ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අති විශිෂ්ටයන් සම්මානයට පාත්‍ර කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ‍මේ තුළින් අනාගත උපාධි අපේක්ෂකයන් අභිප්‍රේරණය කරනු ලබන අතර, විශ්ව විද්‍යාල තරුණ පරපුර සමග ලංකා බැංකුවේ සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ඇගයීම ඉවහල් වේ.

මෙම වැඩසටහන යටතේ, උපාධිධාරීන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මණ්ඩලය මගින් සිදුකරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රමුඛ ශිෂ්‍යයා හෝ විවිධ පීඨවලින් උසස්ම ප්‍රතිඵල ලබාදුන් උපාධිධාරීන් තෝරා ගැනීම සිදුකරයි. මෙය විශ්වවිද්‍යාල මාර්ගෝපදේශනය අනුව විශ්වවිද්‍යාලය මගින්ම සිදුකෙරෙන බැවින්, බාහිර බලපෑම් වලින් තොරව පූර්ණ ලෙසම වසරේ අධ්‍යාපනික විශිෂ්ටතා බව සහතික කරයි.

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මණ්ඩලය තෝරා ගන්නා උපාධිධාරී විශිෂ්ටයන්ට වටිනා රන් පදක්කමක් පිරිනැමීමට ලංකා බැංකුව කටයුතු කරයි. උපාධිධාරීයාගේ විශිෂ්ට ප්‍රතිඑලය අගයන මෙම සම්මානය, දිගුකාලීන මතකයක් ලෙස ශිෂ්‍යයන් තුළ පවතින අතර, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, උපාධිධාරීන්, ගෞරවණීය ආරාධිතයන් සහ ලංකා බැංකු නියෝජිතයන්ගේ ඉදිරියේ උත්කර්ෂවත් ලෙස අදාල උපාධි ප්‍රදානෝත්සවයේ දී පිරිනැමෙයි. ඒ අනුව මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල 08 මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල සමඟින් ආරම්භ වූ මෙම වැඩසටහන වසරෙන් වසර පුළුල් කරමින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC)  අනුමත කළ, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය උපාධි ප්‍රදාන ආයතන ද එක්කර ගැනීමට, ‍මේ වන විට ලංකා බැංකුව කටයුතු කරනු ලබයි.

මෙම වැඩසටහන පිළිබඳව, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා මෙලෙස අදහස් දැක්වීය. “ලංකා බැංකුව, තරුණ විශ්ව විද්‍යාල ප්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් දියත් කර ඇති අතර ඔවුන් ලංකාවේ අනාගතය හැඩගැස්වීම සඳහා සූදානම් වන ඊළඟ පරපුර ලෙස අපට හඳුන්වා දිය හැකිය. මේ අතුරින් ‘BOC Awards’’ යනු විශ්වවිද්‍යාලවල උසස්තම උපාධිධාරීන්ට ලබාදෙන ඇගයීමක් වන අතර, අපට ඔවුන් සමග දිගුකාලීන සම්බන්ධතාවක් ගොඩනැගීමටත්, ඔවුන්ගේ උසස්ම අධ්‍යාපනික කාර්ය සාධනය ඇගයීමටත් මෙම වැඩසටහන් වලින් පිටිවහලක් වන බව අපගේ විශ්වාසයයි. තවද මෙම ඇගයීමෙන් ඔවුන් අනාගතයේ දී තව දුරටත් ලංකාවේ අභිමානය ලොවට ගෙනයාමට ශක්තියක් වනු ඇතයි අප ලංකා බැංකුව ලෙස බලාපොරොත්තු‍ වේ.” 

අධ්‍යාපනමය විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර කිරීමෙන්, BOC Awards’ වැඩසටහන, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික  අරමුණු අභිප්‍රේරණ කිරීම පමණක් නොව, රටේ බුද්ධිමය සම්පත් වෙත ආයෝජනය කිරීමේ ලංකා බැංකුවේ කැපවීමද සනිටුහන් කරයි. වසරක් පාසා මෙම වැඩසටහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලංකා බැංකුවේ දායකත්වය සනිටුහන් කරමින්, ලංකාවේ විශිෂ්ටතම ශිෂ්‍යයාට ඔහුගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමේදී, ලංකාවේ අංක 01 බැංකුව වන ලංකා බැංකුවෙන් පිළිගැනීමක් ලබාදේ. 



අදහස් (0)

‘BOC Awards’’ උපාධිධාරී විශිෂ්ටයන් අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site