
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ට සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන් සතු කැපවීම එමගින් නැවත වරක් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ වසර 25කට වැඩි මෙහෙයුම් ඉතිහාසයකට හිමිකම් කියන මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම ජාත්‍යන්තර මට්ටමේ ලිහිසිතෙල් සම්බන්ධයෙන් ඉහළම තලයේ කීර්තියක් අත්කරගෙන තිබේ. ලොව ප්‍රමුඛතම කෘත්‍රිම ලිහිසිතෙල් වර්ගය ලෙස පිළිගැනෙන Mobil සහ මෙරට රියැදුරන්ට පරම්පරා ගණනාවක් පුරා විශ්වාසය තබා සිටින Lockheed Brake Fluids ඇතුළු ලෝක ප්‍රකට සන්නාම රැසක් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරනු ලබන්නේ මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම විසිනි.
පාරිභෝගික අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගැනීම, උසස් නිෂ්පාදන සහ සේවා සැපයීම මෙන්ම පාරිභෝගියන්, බෙදාහරින්නන්, කාර්මික සේවා ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෙසු පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් මැක්ලරන්ස් සමාගම දක්වනු ලබන දැඩි අවධානය මෙම සම්මානයෙන් ඇගයිමට ලක් කර තිබේ. එමෙන්ම නිරතුරුවම පාරිභෝගික අපේක්ෂාව සපුරාලීමට එම සමාගමට හැකිවී ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ සේවාවල ගුණාත්මකභාවය උදෙසා අඛණ්ඩව සිදු කරනු ලබන ආයෝජන හේතුවෙන් බව මෙමගින් පෙන්නුම් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd