ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගෘහ උපකරණ හා විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රවල වේගයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් සිටින Assidua Technologies සමාගමේ RIVO සන්නාමය Global Laurale Excellence 2026 සම්මාන උළෙලේදී Most Innovative Smart Home Appliances Brand of the Year සම්මානයත්, ROVER සන්නාමය Most Innovative E-Bike Brand of the Year සම්මානයත් දිනා ගත්තේය. 
මෙම ජයග්‍රහණය නවෝත්පාදනය සඳහා Assidua Technologies අඛණ්ඩව කරන ආයෝජනයට මෙන්ම ජන ජීවිතය පහසු හා කාර්යක්ෂම කරන බලශක්ති කාර්යක්ෂම තාක්ෂණ විසඳුම් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තිරසර ප්‍රවාහන ක්‍රමවේද වෙත ගෙන යාමට දක්වන දායකත්වයට හිමි වූ ඇගැයීමකි. 2012 දී ඇරැඹූ Assidua Technologies ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලශක්ති තාක්ෂණ හා ඉංජිනේරු විසඳුම් සපයන සමාගමක් ලෙස වර්ධනය වී තිබේ. බලශක්ති විසඳුම්වලින් ඔබ්බට ව්‍යාපාර පුළුල් කරමින් මෝටර් රථ, ගෘහ උපකරණ, තාක්ෂණ, කෘෂිකර්ම ක්ෂේත්‍ර වෙතද සමාගම සාර්ථකව පිවිස ඇත. 150කට අධික කාර්ය මණ්ඩලයක් සමග ව්‍යාපාර පාරිභෝගිකයන් 2,500කට අධික සංඛ්‍යාවකට සේවා සපයන සමාගම බැංකු, සෞඛ්‍ය, විදුලි සංදේශ, නිෂ්පාදන, අධ්‍යාපන, රාජ්‍ය ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසකට පැය 24 පුරා දිවයිනම ආවරණය වන තාක්ෂණ සහාය සපයයි.
RIVO යනු Assidua Technologies හි පාරිභෝගික තාක්ෂණ නිෂ්පාදන පෙළ නියෝජනය කරන නවතම ගෘහ උපකරණ සන්නාමයයි. රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර, වායුසමීකරණ යන්ත්‍ර ඇතුළු නවීන ස්මාර්ට් ගෘහ උපකරණ රැසක් RIVO සන්නාමයෙන් වෙළෙඳපොළට පැමිණෙයි. නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව, බලශක්ති කාර්යක්ෂමතාව, විශ්වාසනීය ක්‍රියාකාරිත්වය එක් කරමින් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට ගැලපෙන නිෂ්පාදන සැපැයීම RIVO හි අරමුණයි. එම නිෂ්පාදන දිවයින පුරා මිල දී ගත හැකි අතර සමස්ත නිෂ්පාදන පෙළට වසර දෙකක වගකීමක් පිරිනමයි.  Rivon Lanka සමාගම ROVER සන්නාමයෙන් පරිසර හිතකාමී නවීන විදුලි බයිසිකල් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. දිවයින පුරා අලෙවි නියෝජිත ස්ථාන 55ක ජාලයක් ස්ථාපිත කර ඇති අතර වසර දෙකකදී ROVER විදුලි බයිසිකල් 2,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කර තිබේ. Lanka Premier League (LPL) 2026 තරගාවලියේ Kandy Royals කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසද ROVER බයිසිකල් සන්නාමය කටයුතු කළේය. පුළුල් වන අලෙවි නියෝජිත ජාලය, අලෙවියෙන් පසු විශ්වාසනීය සේවය, පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී පෞද්ගලික ප්‍රවාහන විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කිරීමට ROVER අඛණ්ඩව දායක වෙයි.
 Global Laurel Excellence 2026 සම්මාන උළෙලට Assidua Technologies හා Rivon Lanka  නියෝජනය කරමින් අලෙවි හා තාක්ෂණ අධ්‍යක්ෂ ආර්. සදිෂ් කුමාර්, අලෙවි හා තාක්ෂණ ප්‍රධානී විකුම් පෙරේරා, මූල්‍ය අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. රොෂාන්, සහකාර සාමාන්‍යධිකාරී සුමිත් නන්දන සහ ROVER අලෙවි ප්‍රධානී සුරේෂ් ධම්මික සහභාගී වූහ.