IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Assidua Technologies සමාගමට වසරේ විශිෂ්ටම ව්‍යවසාය සම්මාන

මෙරට බල ශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Assidua Technologies පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් බෝගහවත්ත සහ අලෙවි ප්‍රධානි විකුම් පෙරේරා වෙත එම සම්මානය පිරිනමන ලදී. 

2012දී ඇරැඹුණු Assidua Technologies හි නිෂ්පාදන හා සේවා අතර UPS පද්ධති, Inverter, Battery, Stabilizer, Isolation Transformer ආදී බොහෝ දෑ වේ. පුළුල් සේවා වපසරියක් සහිත එම සමාගම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වාර්ෂික නඩත්තු සේවා සැපයුම්කරු බවට පත් වී ඇත.

Assidua Technologies සේවා සපයන පාරිභෝගිකයන් අතර ආයෝජන කලාප, බැංකු, රෝහල්, වෛද්‍ය රසායනාගාර, සන්නිවේදන සේවා ආයතන, මාධ්‍ය ආයතන, Data Centers, රජයේ ආයතන, අධ්‍යාපන ආයතන, මුද්‍රණ හා ඇසුරුම් ආයතන ප්‍රධාන වේ. කාර්මික, ව්‍යාපාරික හා වාණිජ අවශ්‍යතා සඳහා වන UPS ස්ථාපනය පිළිබඳව ඔවුන් සතුව ඇත්තේ සුවිශේෂ විශේෂඥතාවකි. පළපුරුදු සහතික ලත් වෘත්තිකයෝ ඒ ඒ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන ලෙස විශ්වසනීයව සේවා සපයති. 2021දී Vertiv (Emerson) විශිෂ්ටතා සහතිකය ලබා ඩයමන්ඩ් සහකරුවකු බවට පත් වීම Assidua Technologies ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. Techfine සන්නාමය සඳහා බලය ලත් ශ්‍රී ලංකාවේ එකම UPS පද්ධති ආනයනකරු සහ බෙදා හරින්නාද වන එම සමාගම Vertiv, Fuji Electric, Hossoni සහ Magnetic & Controls වැනි ගෝලීය සන්නාම සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබේ. ඒ තුළින් උසස් තත්වයේ, බල ශක්ති කාර්යක්ෂමතාව ඉහළ සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල සේවා සැපයීමට හැකියාව ලැබේ. Assidua Technologies B2B (Business to Business) වෙළෙඳපොළේ සිට B2C (Business to Customer) වෙළෙඳපොළ දක්වා මේ වසරේදී හා ඉදිරි වසරේදී ව්‍යාපාර සහ නිෂ්පාදන වපසරිය පුළුල් කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපාරික සහ කාර්මික අංශය වෙනුවෙන් සේවා සැපැයීමට සමාගමේ පාරිභෝගික සේවා අංශය සතියේ දින හතේම පැය 24 පුරා ක්‍රියාත්මක වේ. 

 



අදහස් (0)

Assidua Technologies සමාගමට වසරේ විශිෂ්ටම ව්‍යවසාය සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site