Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය.
2024දී ඇරැඹුණු Dr. Rush Skin Care නවීන තාක්ෂණය යොදා ගනිමින් නිරෝගී සමක් සඳහා අවශ්‍ය ශල්‍ය නොවන ප්‍රතිකාර සපයයි. කාබන් ලේසර්, (Pigmentation සහ Rejuvenation සඳහා), ප්ලේට්ලට් රිච් ප්ලාස්මා (PRP) තෙරපි, ඩීප් ස්කින් ඇනැලිසිස් (DSA), ග්‍රෝත් ෆැක්ටර් කන්සන්ට්‍රේට් (GFC), කෙමිකල් පීල්ස්, ඩර්මබ්‍රේසන්, ත්‍රෙඩ් ලිෆ්ටින්, ටැටූ රිමූවල්, මේදය ඉවත් කිරීම, නෝස් ෆිලර්ස්, අත් යට කළු පැහැය ඉවත් කිරීම, ලේසර් ප්‍රතිකාර, අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඒ අතර ප්‍රධාන වේ. තොල්වල දීප්තිමත් බව වැඩි කරන ලිප් බ්‍රෂ් ප්‍රතිකාරයද එම ආයතනය සපයයි.
Dr. Rush Skin Care නිර්මාතෘ රසාංජලී විජේපාල ජාත්‍යන්තර සහතික ලත් සම පිළිබඳ විශේෂඥවරියකි. වසර පහක කාලයක් මැලේසියාවේ අධ්‍යාපනය ලැබූ ඇය ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Inter-University Higher Academic Council වෙතින් ආචාර්ය උපාධියක්ද ලබා ඇත. නවීන උපාංග සහ තාක්ෂණය භාවිතා කරමින් ආරක්‍ෂිත සහ ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර සපයන බැවින් කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇති එම ආයතනය දැනුමෙන් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඒ ඒ සමට සහ තත්වවලට ගැළපෙන ලෙස ප්‍රතිකාර ක්‍රම සකසා ඇත. සියලුම ප්‍රතිකාර සිදු කිරීමට පෙර ඒ පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදු කෙරේ.අංක 417, පැරැණි කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයේ එම ආයතනය පිහිටා තිබේ.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Asia Miracle හා BWIO සම්මානවලින් Dr. Rush Skin Care පිදුම් ලබයි