IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


“Around the Pearl” වෙරළබඩ යතුරුපැදි සවාරියට RIDE සහ Bikerholics Motor Club එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීයව නිෂ්පාදිත ශක්තිජනක පානය වන RIDE” Bikerholics  Motor Club සමග එක්ව  “Around the Pearl”  වෙරළබඩ යතුරුපැදි සවාරියට අනුග්‍රහය දැක් වූ අතර, දින 10ක් පුරා සිදු කෙරුණු මෙම යතුරුපැදි සවාරිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංස්කෘතික විවිධත්වය ඉස්මතු කරමින්, දිවයිනේ සෑම කෙළවරකටම සැබෑ ශක්තිය ගෙන යාමට සමත්විය. 

මෙම සවාරිය ජූනි 7 වැනිදා කොළඹින් ආරම්භ වූ අතර, මන්නාරම, යාපනය සහ ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රධාන නගරවල නවතිමින් යාපනය දක්වා උතුරු දෙසට ගමන් කළේය. අනතුරුව, යතුරුපැදි සවාරිය නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දකුණට ගමන් කරමින්, ආරුගම්බේ සහ තංගල්ල නැවතුම් ඔස්සේ පැමිණ ජූනි 18 වැනිදා ගාල්ල හරහා කොළඹින් අවසන් විය. යතුරු පැදි සවාරියේ නිල සමාප්ති උත්සවය කටුබැද්ද Cargills Square  හී දී පැවැත්වුණු අතර, ඊට Bikerholics සමාජයේ සාමාජිකයකු සහ මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් 2025 තරගයේ පළමු අනුශූරතාව දිනූ පියුමාල් සිතුම් පට්ටුවේරච්චි මහතාද සහභාගී විය.

Bikerholics Motor Clubys  සභාපති ටී. විමල් මහතා මෙසේ සඳහන් කළේය. මෙම චාරිකාව දිවයින පුරා සිටින උද්‍යෝගීමත් යතුරුපැදි ධාවකයන්, සංචාරයට ලැදි පුද්ගලයන් සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූවා. කිලෝමීටර් 1,800 කට අධික දුරක් රළු වෙරළබඩ මාර්ග සහ විවිධ කාලගුණ වාතාවරණය යටතේ ගමන් කිරීම අභියෝගාත්මක වුවද, Bikerholics  සමාජයේ අධි ධාරිතා යතුරුපැදි ධාවකයින් දහහතර දෙනාට එය දිරිගන්වන සුළු අත්දැකීමක් විය. දින 10ක් පුරා සිදු කෙරුණු මෙම චාරිකාවේ රූප රාමු සහ දර්ශන සමාජ මාධ්‍ය හරහා නැරඹිය හැකිය.

එමෙන්ම Cargills Food & Beverage Ltd කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා මෙසේ අදහස් දැක්විය. වෙළෙඳපොළේ ශක්තිමත් සන්නාමයක් වශයෙන් Bikerholics Motor Club සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව, දිවයින පුරා සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා RIDE කැපවීම පිළිබිඹු කරන අතර ඉදිරියේ දී තව තවත් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක බ්ලොග් රචකයන්, යතුරුපැදි සංචාරකයන්, උද්‍යෝගීමත් ධාවකයන් සහ සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් පිරි භූ දර්ශන සහ විචිත්‍රවත් සංස්කෘතිය ගවේෂණය කිරීමට අවස්ථාව සලසා දීම අපගේ අභිලාශයයි.



අදහස් (0)

“Around the Pearl” වෙරළබඩ යතුරුපැදි සවාරියට RIDE සහ Bikerholics Motor Club එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site