ව්‍යාපාරික කටයුතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ Expert Book B සහ P මාදිලි පෙළ තවදුරටත් පුළුල් කෙරේ.


ASUS සමාගම විසින් සිය ප්‍රමුඛතම පරිගණක මාදිලිය වන, ASUS ExpertBook Ultra ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ආයතනික ප්‍රධානීන් සහ ව්‍යාපාරික ප්‍රධානීන්ගේ දැක්ම සැබෑ කිරීමට සැලසුම් කරන ලද Copilot+ පරිගණකයක් වන මෙය ඉතා සැහැල්ලු නිමාවකින් යුතු වේ. AI තාක්ෂණයෙන් බලගැන් වූ ඉහළම කාර්යක්ෂමතාවක්, අතිසුපැහැදිලි තිර පද්ධතියක්, ගුණාත්මක ශබ්ද පහසුකම්, දවස පුරා පවතින බැටරි බලය, සුව පහසු යතුරු පුවරු භාවිතය, ක්ෂේත්‍රයේ ඉහළම මිලිටරි මට්ටමේ ශක්තිමත්භාවය, ආයතනික මට්ටමේ දත්ත ආරක්ෂාව, විශිෂ්ටතම පාරිභෝගික සහාය සහ පහසු උපාංග සබඳතා ඇතුළු අසමසම විශේෂාංග රැසකින් මෙය සමන්විත වේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආයතනික සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නැඟී එන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, AI තාක්ෂණික කාර්යක්ෂමතාවෙන් සහ අනාගතයට ගැළපෙන අයුරින් වැඩිදියුණු කිරීමේ හැකියාවන්ගෙන් යුත් B Series (B5 සහ B5 මාදිලි) සහ P Series (P3 සහ P5 මාදිලි) ද Expert Book එකතුවට අලුතින් එක්කර ඇත.
next-gen Intel® Core™ Ultra Series 3ප්‍රොසෙසර මගින් බලගැන්වෙන මෙම නව 25 Expert Book Ultra, B Series P Series ව්‍යාපාරික ලැප්ටොප් පරිගණක සියල්ල ASUS Worry-Free Business Experience’ සංකල්පය යටතේ නිර්මාණය කර ඇත. එමඟින් විශිෂ්ට ක්‍රියාකාරීත්වය, ආයතනික දත්ත ආරක්ෂාව, මිලිටරි මට්ටමේ ශක්තිමත්භාවය, පූර්ණ සබඳතා පහසුකම් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම පුළුල් වාණිජ පාරිභෝගික සහාය පද්ධතිය එකම වහලක් යටට ගෙන එයි.
ASUS ExpertBook Ultra යනු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පරිගණක මාදිලියයි. ගුවන්යානා තාක්ෂණයට සහ Formula 1 තරගකාරී රථ සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන AZ51B magnesium-aluminum මිශ්‍ර ලෝහයෙන් නිපදවා ඇති මෙය ඉතා පහසුවෙන් එහා මෙහාගෙන යා හැකි සැහැල්ලු පරිගණකයකි. 9H hardness rating සහිත Nano Ceramic මතුපිට නිමාවකින් සමන්විත මෙය, විශිෂ්ට ක්‍රියාකාරිත්වය, ශක්තිමත්‌ භාවය, අලංකාර නිමාව සහ භාවිතයේ පහසුව යන සියල්ල මැනවින් එක්තැන් කරමින් තාක්ෂණිකව නිර්මාණයකර ඇත.
භෞතික විද්‍යා නීතින්ට පවා අභියෝග කළ විශිෂ්ටත්වයකින් නිර්මාණය කර ඇති ExpertBook Ultra පරිගණකය නවතම Intel® Core™ Ultra X9 (Series 3) ප්‍රොසෙසරය, අතිශය ප්‍රබල GPU එකක්, උසස් NPU (50 TOPS) තාක්ෂණය සහ ASUS ExpertCool Pro ve පාලන පද්ධතිය එකම heterogeneous Al පරිගණක වේදිකාවක් ලෙස එකිනෙකට සම්බන්ධ කරයි. 0.99kg තරම් අඩු බරකින් සහ 10.9mm අතිශය සිහින් හැඩයකින් යුක්ත වුවද, අධික කාර්ය බහුල අවස්ථාවල දී පවා 50W නිරන්තර CPU බලයක් ලබා දීමට මෙය සමත් වේ. ExpertBook Ultra පරිගණකය විශිෂ්ට ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ද තිළිණ කරයි. මෙහි ඇති අඟල් 140 3K 120Hz anti-glare touchscreen Tandem OLED තිරය nits 1,400ක් දක්වා වූ ඉහළ දීප්තිමත් බවකින් සමන්විත වන අතර සාම්ප්‍රදායික OLED තිරවලට වඩා සැලකිය යුතු ලෙස අඩු විදුලි බලයක් වැය කරමින් අතිශය තියුණු සහ සජීවී වර්ණ ලබා දෙයි. ව්‍යාපාරික සාකච්ඡා සහ දෛනික රාජකාරි වඩාත් පහසු කරවීම සඳහා AI තාක්ෂණයෙන් බලගැන්වූ විශේෂාංග රැසක් මෙයට ඇතුළත් කර ඇත. ASUS ExpertMeet, Al noise cancellation, කැමරා තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ ඉදිරියේ දී පැමිණෙන ASUS MyExpert හරහා ලැබෙන නවතම Al අත්දැකීම ද මීට ඇතුළත් වේ. නිතර ගමන් බිමන් වල යෙදෙන වෘත්තිකයන් සඳහාම නිර්මාණය කර ඇති බැවින්, දවස පුරා පවතින බැටරි බලය, වේගවත් චාර්ජ් කිරීමේ පහසුකම, Wi-Fi 7 සහ අමතර adapters භාවිතයෙන් තොරව කෙළින්ම සම්බන්ධ  කළ හැකි business-ready physical ports රැසකින් ද මෙය සමන්විත වේ. 
ප්‍රමුඛතම මාදිලියට අමතරව, ඕනෑම මට්ටමක ආයතනයකට ගැළපෙන පරිදි විශේෂයෙන් සකස් කරන ලද ExpertBook P5. B5. P3 සහ B3 මාදිලි වලින් සමන්විත Expert Book B සහ P Series මාදිලි පෙළක් ද මෙරට වෙළඳ පොළ වෙත දැන් හඳුන්වා දී ඇත.