- නව රෙගුලාසි නිසා නීත්‍යානුකූල 4x4 නවීකරණයත් අසාධාරණ ලෙස බලපෑමට ලක් වෙලා
- සාධාරණ, ප්‍රයෝගික හා සාක්ෂි මත පදනම් වූ නියාමන පද්ධතියක් සකස් කිරීම වැදගත්
රට තුළ නවීකරණය කරන ලද 4x4 රථ වාහන ඉටු කරන නීත්‍යනුකූල සහ වැදගත් කාර්යභාරය පිළිබඳ සලකා බලා සමබර නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඊට සම්බන්ධ පාර්ශ්වකරුවෝ පවසති. ඒ අනුව මහජන ආරක්ෂාව තහවුරු කරමින්, වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද 4x4 රථ වාහන සඳහා මෙම නියාමන රාමුව අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.
“4x4 රථ නවීකරණය කිරීම් පිළිබඳ ජාතික සංවාදය” මැයෙන් පසුගියදා කොළඹදී පැවැති මාධළ්‍ය හමුවකදී මෙම කරුණු සඳහන් විය. මේ සඳහා Ironman 4x4 Community Emergency Response Team Sri Lanka නියෝජනය කරමින් සෑම් චන්ද්‍රසෝම, ව්‍යාපාරික/ චිත්‍රපට නිෂ්පාදක අනුශ්ක රණසිංහ, ජාතික සම්මාන ලාභී මෝටර් රථ ධාවන ශූර පසිඳු පීරිස්, නලින් ප්‍රේමරත්න, විචින්ත ඉලංකෝන්, Sri lanka life saving හි සභාපති අසංක නානායක්කාර යන මහත්වරු සහභාගි වූහ.
“මේ 4x4 ප්‍රජාව ස්වේච්ඡා පදනමින් ආපදා සහන, මානුෂීය සේවා, පාරිසරික සංරක්ෂණය, සංචාරක කර්මාන්තය, මෝටර් රථ ආශ්‍රිත ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙනවා.
නිසි ලෙස නවීකරණය කරන ලද 4x4 ධාවන වාහන සාමාන්‍ය වාහනවලට ළඟා විය නොහැකි ප්‍රදේශ වෙත ළඟා වීමට හැකි වීම නිසා හදිසි අවස්ථාවලදී අත්‍යවශ්‍ය සම්පතක්. ඒ වගේම ජීවිත බේරා ගැනීමේ සහ සහන සේවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් ඒවා වැදගත්.“
කෙසේ වෙතත් මෙම 4x4 රථ නවීකරණය සම්බන්ධයෙන් පනවා ඇති නව රෙගුලාසි හේතුවෙන් වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද වාහන අසාධාරණ ලෙස බලපෑමට ලක්විය හැකි බව ඔවුහු මෙහිදී සඳහන් කළහ.
“මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම, වාහන ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ අනාරක්ෂිත හෝ නීතිවිරෝධී වාහන නවීකරණ පාලනය කිරීම සම්බන්ධයෙන් රජයට ඇති වගකීම පිළිබඳව ගැටලුවක් නැහැ. මේ රෙගුලාසි යටතේ දැනට සලකා බලනු ලබන Recovery උපකරණ, Suspension පද්ධති වැඩිදියුණු කිරීම්, Winch, Snorkel, ආරක්ෂිත උපාංග සහ අනෙකුත් ක්‍රියාකාරී උපකරණ සවිකර ඇත්තේ වාහන අලංකාර කිරීම සඳහා නොව, දුෂ්කර භූමි ප්‍රදේශවල ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සඳහායි.’’
ඒ අනුව අනාරක්ෂිත නවීකරණ සහ වෘත්තීයමය ලෙස සවි කරන ලද ක්‍රියාකාරී උපකරණ අතර පැහැදිලි වෙනස බලධාරීන් විසින් හඳුනාගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
පිළිගත හැකි නවීකරණ කටයුතු සඳහා පැහැදිලි තාක්ෂණික මාර්ගෝපදේශ සකස් කිරීම, නවීකරණය කරන ලද වාහන සඳහා පරීක්ෂණ සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ ක්‍රියාකාරී ආරක්ෂක උපකරණ හා අනාරක්ෂිත නවීකරණය අතර පැහැදිලි වෙනසක් හඳුනාගන්නා නියාමන රාමුවක් සකස් කිරීම මෙහිදී යෝජනා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd