IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


2030 සංචාරක ඉලක්කයට ශ්‍රී ලංකන් සමාගමට තවත් යානා 25ක් අවශ්‍යයි

  • තවත් වසර 5 කදී ගුවන් නියමුවන් 150 ක් අවශ්‍ය වුවත් බිහි වන්නේ 50ක් පමණයි 
  • කටුනායක ගුවන් හමුදා කඳවුර මත්තලට රුගෙන යන ලෙසත් යෝජනා කරයි 

 භානුක අමරසිංහ 


වත්මන් රජයේ සංචාරක සැලසුම් අනුව 2023දී සංචාරකයන් මිලියන 5 ක ඉලක්කයක් වෙත යාමට නම්, එම කාලය වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත තවත් අලු‍තින් ගුවන් යානා 25ක් අවශ්‍යව පවතින බව මෙරට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවකු වන කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා පවසයි. 
Aviation Voice මගින් සංවිධානය කළ Sri Lanka Aviation Forum 2025 අමතමින් පෙරේදා (02) ඒ මහතා මේ බව සඳහන් කළේය. “අද වෙන කොට සංචාරකයන් ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට රැගෙන එන්න අනෙකුත් ජාත්‍යන්තර ගුවන් සේවා වගේම අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු යානා 24ක් ඉහළ දායකත්වයක් ලබාදී තිබෙනවා. එහෙත් 2030 සංචාරකයන් මිලියන 5ක ඉලක්කයට යන්නට නම් තවත් යානා 25ක් අවශ්‍යයි.”
කෙසේ වෙතත් ගැටලු‍ව වන්නේ එම යානා සඳහා අවශ්‍ය පිරිස බව ජයවර්ධන මහතා පැවසුවේය. “මේ අලු‍තින් එක් වන යානා 25 වෙත කාර්ය මණ්ඩලයේ 150ක් බැගින් අලු‍තින් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ගුවන් නියමුවන් 150ක්, සහායක නියමුවන් 150ක්, එය විශාල අගයක්. ඒත් අද වෙන කොට ලංකාව තුළදී වසරකට පුහුණු කරන්නේ ගුවන් නියමුවන් 10 දෙනකු පමණයි. ඒ කියන්නේ 2030 වන විට අපිට බිහි කරන්න පුළුවන් නියමුවන් 50ක් විතරයි.”
ඒ අනුව හැකි ඉක්මනින්ම රට තුළ ගුවන් නියමුවන් පුහුණු කිරීම, ඉංජිනේරුවන් පුහුණු කිරීම වැඩි කළ යුතු වන බවත් ඔහු අවධාරණය කළේය. එසේම එය කළ නොහැක්කක් බවද ඔහු පැවසීය.

 



අදහස් (0)

2030 සංචාරක ඉලක්කයට ශ්‍රී ලංකන් සමාගමට තවත් යානා 25ක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site