ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයකු මෙන්ම නව්‍ය ජල කළමනාකරණ විසඳුම් ලබාදීමේ පුරෝගාමී සමාගමක් වන Agromax Industries හි වාර්ෂික අලෙවි සමුළුව පසුගිය දා වස්කඩුව Citrus හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ කාර්ය මණ්ඩලය, අලෙවි කණ්ඩායම, නිෂ්පාදන සහ කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය, කාර්යාල කාර්ය මණ්ඩලය සහ සැපයුම් කණ්ඩායම ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සමග එක්වී සිටියහ. Agromax ශ්‍රී ලංකාවේ අංක 1 ජල පොම්ප සමාගම ලෙස ඉහළින් ඔසවා තැබීමට දායකත්වය ලබාදුන් සුවිශේෂී ජයග්‍රාහකයන් වෙත මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි.
දිවයින පුරා විහිදුණු අලෙවිකරුවන් 1500කට අධික සංඛ්‍යාවකගේ සහ සේවකයන් 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත ශක්තිමත් කාර්ය මණ්ඩලයකින් යුත් Agromax සිය පුළුල් සේවා පරාසය ඔස්සේ ගෘහ කටයුතු, කෘෂිකාර්මික, කාර්මික මෙන්ම ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය විශ්වසනීයත්වය හා ගුණාත්මකභාවය තහවුරු කරමින් සිය සේවාදායකයන් වෙනුවෙන් අති නවීන සේවා පහසුකම් සපයනු ලබයි.
සමාගමේ අලෙවි කළමනාකරු, මූල්‍ය කළමනාකරු සහ කර්මාන්තශාලා කළමනාකරු විසින් දක්වන ලද නොසැලෙන කැපවීම වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාවේදී ඇගයීම් සම්මාන පිරිනමන ලදී. එපමණක් නොව, සමාගම වෙනුවෙන් ප්‍රධාන දායකත්වයක් සපයන පිරිස මෙන්ම ඉහළ දක්ෂතාවක් පෙන්නුම් කළ සේවකයන් (star performers) ද අගයමින් සම්මාන පිරිනැමිණි. සමාගමේ විශිෂ්ටතම කනිෂ්ඨ සේවක කාර්ය සාධනය, හොඳම කාර්යාල විධායක සහ හොඳම අලෙවිකරු (Star Salesperson) වැනි විශේෂ සම්මාන රැසක්ද මෙහිදී ප්‍රදානය කරන ලදී.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.බී.එල්. රහුමාන් මහතා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවේය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සදාත් මොහොමඩ් මහතා, මෙහි සභාපතිවරයකු වන මොහොමඩ් රියාල් රිහිමි මහතා, සමාගමේ මූල්‍ය කළමනාකරු වන යොහාන් විජේසිංහ මහතා, ජාතික විකුණුම් කළමනාකරු සමීර බණ්ඩාර මහතා ආදී සම්භාවනීය අමුත්තන් විසින් මෙහි ප්‍රධාන දේශන පවත්වන ලදහ. ක්ෂුද්‍ර ව්‍යාපාරයක සිට ආරම්භ කළ Agromax මධ්‍යම සහ විශාල ව්‍යාපාරයක් ලෙස වර්ධනය වෙමින් බියගම ප්‍රදේශයේ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීම දක්වා පැමිණි ගමන පිළිබඳව මෙහිදී ඔවුහු අදහස් දැක්වූහ. තවද, සමාගමේ වටිනාකම් මත පදනම් වූ සංස්කෘතිය, සේවකයන්ගේ සංවර්ධනය සහ රැකියා නිර්මාණය මෙන්ම තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත සැලකිය යුතු මට්ටමේ ආර්ථික දායකත්වය සැපයීම යන කරුණු පිළිබඳ මෙහිදී දේශකයන්ගේ වැඩි අවධානය යොමුවිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සදාත් මොහොමඩ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Agromax සාර්ථකත්වය සඳහා හේතු වී ඇති මූලික කරුණ වන්නේ, මෙරට පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළ තාක්ෂණය සමගින් දේශීයව නිර්මාණය කළ විසඳුම් පිරිනැමීම කෙරෙහි අප දක්වන විශේෂ හැකියාවයි.”
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2025 වාර්ෂික විකුණුම් සමුළුවේදී Agromax Industries විශිෂ්ටත්වය සමරයි