IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


2025 පළමු මාස හතරේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.5ක් ඉක්මවයි

  • පෙර වසරේ මුල් මාස හතර හා සැසඳීමේදී සියයට 6.9ක වර්ධනයක් 
  • අප්‍රේල් මාසයේ භාණ්ඩ හා සේවා අපනයනය ඩො.මිලියන 1,292.63ක් 
  • සේවා අංශයේ අපනයන ආදායම් සියල්ලම අප්‍රේල් මාසයේදී පහළට 

භානුක අමරසිංහ 

මේ වසරේ පළමු මාස හතර තුළ මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් මිලියන 5,167.23 ක ආදායම හා සැසඳීමේදී මෙය සියයට 6.9 ක වර්ධනයකි. 

මෙහිදී භාණ්ඩ හා සේවා අපනයනයේ වටිනාකම ඩො.මි. 4,334.22ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 6.86 ක වර්ධනයකි. සම්පූර්ණ සේවා අපනයන ආදායම ඩො. මි. 1,189.63ක් ලෙස සටහන්ව තිබේ. මෙය පෙර වසරේ එම කාලසීමාව තුළ වාර්තා කළ ඩො. මි. 1,117.17 හා සැසඳීමේදී සියයට 7.06 ක වර්ධනයකි. 

අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, “අපනයන තරගකාරීත්වය වර්ධනය කරමින් වෙළඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වය මින් පිළිබිඹු වෙනවා.’’ යනුවෙන් පවසා සිටියි. 

2025 අප්‍රේල් මාසයේදී භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඩො.මි. 1,292.63ක් ලෙස සටහන්වී ඇත. මෙය 2024 අප්‍රේල් වාර්තා කළ ඩො.මි. 1,188.72 ට සාපේක්ෂව සියයට 8.74 ක වාර්ෂික වර්ධනයකි. ඒ අතරින් භාණ්ඩ අපනයනයේ ආදායම වාර්ෂිකව සියයට 12.05 කින් වර්ධනය වී ඩො.මි. 983.33ක් දක්වා ළඟා වී ඇත. එහිදී ඇඟලු‍ම් හා රෙදිපිළි අපනයනයෙන් ඩො.මි. 364.47ක් උපයා ගෙන ඇත. තේ අපනයනයෙන් ඩො.මි. 107.34ක්ද, ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනයෙන් ඩො.මි. 83.09ක්ද රැස් කරගෙන තිබේ. 

මේ අතර, 2025 අප්‍රේල් මාසයේදී සේවා අපනයන ආදායම ඩො.මි. 309.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. කෙසේ වෙතත් මෙය පෙර වසරේ අප්‍රේල් වාර්තා කළ ඩො.මි. 311.14 හා සැසඳීමේදී සියයට 0.59ක අඩුවීමකි. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් (Transport &Logistics) යන අංශවලින් මෙම සේවා අපනයන අංශය සමන්විත වෙයි. අප්‍රේල් මාසයේදී මෙම සියලු‍ම අංශවල අපනයන ආදායම් ඉපැයීම් පෙර වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී පහත බැස තිබේ. 

සුපුරුදු ලෙස වසරේ මුල් මාස හතරේදී වැඩිම අපනයන ප්‍රමාණයක් සිදු කළ රට ලෙස එක්සත් ජනපදය පසුවන අතර එහි වටිනාකම ඩො.මි. 965.97 කි. එය පෙර වසරේ ඩො.මි. 894.94 හා සැසඳීමේදී සියයට 7.94ක වර්ධනයකි. දෙවැනි තැන ඉන්දියාව පසුවන අතර එය ඩො.මි. 334.40කි. පෙර වසරේ ඩො.මි. 239.39 හා සැසඳීමේදී සියයට 39.69 ක වර්ධනයකි. එක්සත් රාජධානිය තෙවැනි ස්ථානයේ පසුවන අතර එම අපනයනයේ වටිනාකම ඩො.මි. 323.91 කි. මීට අමතරව ඉතාලිය සහ ජර්මනිය වෙත සිදුකළ අපනයනයන් පිළිවෙලින් ඩො.මි.205.72ක් සහ 227.44ක් වෙයි.



අදහස් (0)

2025 පළමු මාස හතරේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.5ක් ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site