භානුක අමරසිංහ
මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට සේවා ආර්ථික කටයුතු සියයට 2.8 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. අදාළ කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියි.
මෙහිදී රාජ්‍ය පරිපාලන ක්‍රියාකාරකම් හැර අනෙකුත් සේවා ආර්ථික කටයුතු සියල්ලම මෙම පළමු කාර්තුව තුළදී ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
ඒ අනුව රක්ෂණ සේවා සියයට 17.4 ක, මූල්‍ය සේවා සියයට 14.6ක, නවාතැන් සහ ආහාර පාන සැපයීම් සියයට 14ක, තොරතුරු තාක්ෂණ සේවා සැපයිම් සියයට 6.2ක, තැපැල් හා කුරියර් සේවා සියයයට 4.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
එසේම දේපළ වෙළෙඳාම් කටයුතු සහ නිවාස අයිතිය සියයට 2.1ක, වෘත්තීය සේවා සියයට 1.7ක, තොග හා සිල්ලර වෙළෙඳාම සියයට 1.2ක, වැඩසටහන් සම්පාදනය හා ගුවන් විදුලි විකාශන කාර්යයන් සියයට 1.2ක, අනෙකුත් පෞද්ගලික සේවා සියයට 0.7ක, සෞඛ්‍ය සේවා සියයට 0.5ක හා අධ්‍යාපනය සියයට 0.4 ක ලෙස වර්ධන වේගයක් වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මෙම පළමු කාර්තුව තුළ “රාජ්‍ය පරිපාලන“ ක්‍රියාකාරකම්වල පෙන්නුම් කර ඇත්තේ සියයට 2.9ක ඍණ වර්ධනයකි.
මේ අතර 2025 පළමු කාර්තුව තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා සේවා අංශයේ දායකත්වය සියයට 57.4ක් ලෙස සටහන්ව තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2025 පළමු කාර්තුවේදී රාජ්‍ය පරිපාලන ක්‍රියාකාරකම් පහළට