IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


2025 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු පහළට

 

  • දළ දේශිය නිෂ්පාදිතයට දැක්වූ දායකත්වය සියයට 7.6 ක්
  • 2024 පළමු කාර්තුව හා සැසඳීමේදී සියයට 0.7 ක ඍණ වර්ධන වේගයක්

භානුක අමරසිංහ


2025 වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දැක් වූ දායකත්වය සියයට 7.6 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 පළමු කාර්තුව හා සැසඳීමේදී සියයට 0.7 ක ඍණ වර්ධන වේගයක් බව ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 පළමු කාර්තුවේදී එය සියයට 0.9ක ධන වර්ධනයක් වාර්තා කර තිබුණි.
ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී සත්ව නිෂ්පාදනය සියයට 18.8කින්, කරදිය ධීවර කටයුතු සියයට 14.5 කින්, තේ වගා කිරීම් සියයට 5.6 කින්, දැව කඳන් නිෂ්පාදනය සියයට 4.3කින්, එළවළු වගා කිරීම සියයට 2.9කින්, කුළු බඩු වගා කිරීම සියයට 2.7කින්, පලතුරු වගා කිරීම සියයට 2.0 කින් ධන වර්ධන වේගයක් වාර්තා කර ඇතැයි මෙම වාර්තාවේ සඳහන්ව තිබේ.
“එහෙත් මිරිදිය ධීවර කටයුතු සියයට 57කින්, පොල් ඇතුළත් තෙල් සහිත පලතුරු බෝග වගාව සියයට 27.6 කින්, රබර් වගා කිරීම සියයට 22.2කින්, උක්, දුම්කොළ හා අනෙකුත් ස්ථිර නොවන බෝග වගා කිරීම සියයට 2.7 කින්, අනෙකුත් ස්ථිර බෝග වගා කිරීම සියයට 1.9කින්, වී වගා කිරීම සියයට 0.8කින්, ධාන්‍ය වගා කිරීම සියයට 0.4කින් ලෙස ඍණ වර්ධන වේගයක් වාර්තා කර තිබීම මෙලෙස සමස්තයක් වශයෙන් කෘෂි කාර්මික අංශයේ ආර්ථික කටයුතු ඍණ වර්ධනයක් ඇති කිරිමට හේතුව වී තිබේ.’’ යනුවෙන් එම වාර්තාව පවසයි.
මේ අතර සෙසු කෘෂිකාර්මික ආර්ථික කටයුතු එනම් කෝපි, කොකෝවා වගා කිරීම සියයට 12.5කින්ද, පැළ බෝග වගා කිරීම සියයට 7.7කින්ද, කෘෂිකාර්මික සහාය සේවා කටයුතු සියයට 1.2 කින්ද යනාදී ලෙස ධන වර්ධන වේගයක් වාර්තා කර තිබේ. 



අදහස් (0)

2025 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site