IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


2024 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 42.2කින් ඉහළට

  • රජයේ මුළු ආදායමෙන් සියයට 65කට දායකත්වය ලබාදීලා
  • ආදායමෙන් සියයට 49.99ක්ම ලැබී ඇත්තේ VAT බදුවලින්

භානුක අමරසිංහ


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී රැස් කරගත් ආදායම රුපියල් ට්‍රිලියන 2.62ක් (රු.බි. 2,620.07) බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2023 දී රැස් කරගත් රුපියල් ට්‍රිලියන 1.84ට (රු.බි. 1,842.32) සාපේක්ෂව රුපියල් බිලියන 778ක එනම් සියයට 42.2ක වර්ධනයකි.

එම දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂය සඳහා වන කාර්යසාධන වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ. ඒ අනුව බදු ආදායම් රැස් කරගැනීමේ කැපී පෙනෙන වර්ධනයක් මින් ඉස්මතු කර දක්වන බවත්, එමගින් ආර්ථික තත්වයේ වැඩි දියුණුවීමක් මෙන්ම වඩාත් කාර්යක්ෂම බදු පරිපාලනයක් අවධාරණය කරන බවත් පවසයි.

කෙසේ වෙතත් 2024 සඳහා එම දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබුණේ රුපියල් ට්‍රිලියන 2.74ක බදු ආදායමකි. ඒ අනුව එම වසරේ රැස්කරගත් ආදායම එම ඇස්තමේන්තු වටිනාකමින් සියයට 95.61ක් බව පවසයි. එසේම 2023 දී එය රුපියල් ට්‍රිලියන 1.76ක් ඇස්තමේන්තුගත කර තිබුණද, රුපියල් ට්‍රිලියන 1.84ක් ලෙස සියයට 104.56 ක වැඩි ප්‍රතිශතයක් වාර්තා කිරීමටද සමත් විය.

මේ අතර 2024 දී රජයේ මුළු ආදායම රුපියල් ට්‍රිලියන 4.03ක් ලෙස සටහන්ව ඇති අතර, එම මුළු ආදායමෙන් සියයට 65.00ක් වෙත දායකත්වය ලබාදීමට එම දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මෙය 2023දී සියයට 60.43ක් විය. එසේම 2024 දී රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 3.70ක් වන අතර, ඉන් සියයට 70.73ක් සඳහා එම දෙපාර්තමේන්තුව දායකත්වය ලබාදී ඇත. 2023 දී එය සියයට 67.72ක් විය. 

මීට අමතරව පවත්නා වෙළෙඳපොළ මිල අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතය වන රු. ට්‍රිලියන 29.90 සැලකීමේදී එම දෙපාර්තමේන්තුව රැස් කළ ආදායම ඉන් සියයට 8.76 කි. 2023 දී එය රුපියල් ට්‍රිලියන 27.4ක් වූ අවස්ථාවේදී එම දායකත්වය සියයට 6.72ක් විය. 

මෙලෙස 2024දී රැස් කරගත් රු. ට්‍රිලියන 2.62ක් වන බදු ආදායමෙන් වැඩිම ප්‍රමාණය වන ට්‍රිලියන 1.31ක් (රු.බි. 1,309.67ක්) හිමිව ඇත්තේ එකතු කළ අගය මත බදු (VAT) හරහාය. එය සමස්තයෙන් සියයට 49.99 කි. එසේම ආදායම් බද්ද හරහා රුපියල් ට්‍රිලියන 1.02ක් (සියයට 39.09ක්), සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හරහා රුපියල් බිලියන 250ක් (සියයට 9.57ක්), ඔට්ටු හා සූදු බද්ද හරහා රුපියල් බිලියන 9.8ක් (සියයට 0.37ක්), කැසිනෝ බලපත්‍ර ගාස්තු හරහා රුපියල් බිලියන 5.1ක් (සියයට 0.19ක්) කොටස් ගනුදෙනු බද්ද හරහා රුපියල් බිලියන 3.1ක් (සියයට 0.12ක්), ප්‍රාග්ධන ලාභ බද්ද හරහා රුපියල් බිලියන 1.85ක් (සියයට 0.07ක්), විගමන බද්ද හරහා රුපියල් මිලියන 33.98ක් (සියයට 0.001ක්) ලෙස රැස් කරගෙන තිබේ.

මීට අමතරව ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද, ණය ආපසු ගෙවීමේ බද්ද, මුද්දර ගාස්තු. ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගිමේ බද්ද, භාණ්ඩ හා සේවා බද්ද, පිරිවැටුම් බද්ද, ප්‍රේෂණ ගාස්තු සහ ජාතික ආරක්ෂක බද්ද ඇතුළත් වෙනත් බදු යටතේ රුපියල් බිලියන 15.48ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හිමිව ඇති අතර, එය සමස්තයෙන් සියයට 0.59කි.

මේ අතර 2024 දී දෙපාර්තමේන්තුව මගින් රැස් කරගත් ආදායමේ ඍජු සහ වක්‍ර බදු අතර අනුපාතය 40:60 අගයක් ගෙන තිබේ. 2023 දී එය 50:50ක් වූ අතර, 2022 දී එය 53:47ක් විය.



අදහස් (0)

2024 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 42.2කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site