IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


2018 දී ආර්ථික වර්ධනයක්

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ඉකුත් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.2ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
2018 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,644,728ක් වූ අතර 2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,344,839ක් වූ බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. 
 
කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු යන අංශ ත්‍රිත්වයම පසුගිය වසරේදී ධන වර්ධන වේගයන් වාර්තා කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එහිදි කෘෂිකාර්මික ආර්ථික කටයුතු අංශය සියයට 4.8ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර කර්මාන්ත අංශය සියයට 0.9ක වර්ධනයක් ද සේවා අංශය සියයට 4.7ක වර්ධනයක් ද වාර්තා කර ඇත. 
 
දැනට පවතින මිල ගණන් යටතේ කෘෂිකාර්මික අංශය පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ලබා දී තිබෙන දායකත්වය සියයට 7.9ක් ලෙස ගණන් බලා තිබෙන අතර කර්මාන්ත අංශය සියයට 27කින් ද සේවා අංශය සියයට 56.8කින් දායකත්වය ලබා දී තිබේ. සහනාධාර අඩු කළ පසු භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදුවලින් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 8.3ක දායකත්වයක් ලබා දී ඇතැයි ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 



අදහස් (9)

2018 දී ආර්ථික වර්ධනයක්

menna Thursday, 28 March 2019 02:09 PM

මේ අගය හොඳයි. එත් ඇත්තද බොරුද දන්නේ නැහැ.

:       0       56

Isis Thursday, 28 March 2019 06:44 PM

නියමයි

:       0       4

Cisco Saturday, 30 March 2019 02:04 PM

ආර්ථිකේ බැහැල නැග්ගාමත් ටිකක් හොඳයි. හැමදාම බහිනවට වඩා.

:       0       42

Sameera melbourne Sunday, 31 March 2019 01:16 AM

ඉස්සර ඕක තිබ්බේ 6.5 ටත් උඩින්.. දැන් ඉතින් මම මහින්දට කඩේ යනවා කියලා බනින්න එපා..

:       3       109

kapSunday, 31 March 2019 11:01 AM

එ්කද ඕස්ට්‍රේලියා වල ඉන්නේ?

:       1       17

Sanath Kandy Sunday, 31 March 2019 06:17 AM

රටක දේශපාලන ස්ථාවර භාවය ආර්ථික වර්ධනය හා බැඳී පවතිනවා. රටට ආයෝජන ගලා ඒමට නම් දේශපාලන ස්ථාවර භාවය ඉතා වැදගත් සාධකයක්. පසු ගිය වසර හතර පුරාවටම නව රජය ජනතාව ලබාදුන් ජන වරම තහවුරු කරගෙන රට දේශපාලනිකව ස්ථාවර කර ගැනීමට උනන්දු වුනේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයට රට අස්ථාවර කිරීමට ඉඩදී බලා සිටියා. මේ දුර්වල ආර්ථික වර්ධන වේගයට හේතුව ඒක... දවසින් දවස විනිමය අනුපාතිකය බිඳ වැටුනේ ඒ නිසා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළ පසු ආර්ථිකය තරමක් යහපත් වර්ධනයක් කරා ගමන් කරන බව පෙනෙන්න තිබෙනවා.

:       1       54

Cisco Sunday, 31 March 2019 07:04 AM

පාලකයෝ නිකම් බලා සිටියත් රටක ආර්ථිකය 4% ක් පමණ වර්ධනයක් තියෙනවා. එහෙම වෙන්නේ ජනතාව තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගැනීම එකතුවක් වශයෙන් වර්ධනයක් පෙන්වනවා. පාලකයන්ගේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඊට ඉහළ වේගයක් ළඟා කරගන්න පුළුවන්. දක්ෂ පාලකයන්ගේ වගකීම සියලු කණ්ඩායම් නිවැරදිව කලමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙනයමු. මේ අතින් නම් පහුගිය වාර 4 ඉතාමත් දුර්වල ප්‍රතිඵල තමයි පෙන්නලා තියෙන්නේ...

:       5       12

INDIKA Tuesday, 02 April 2019 04:20 AM

ආර්ථික වර්ධනය 0.1 උනත් වර්ධනයක්නේ!

:       0       2

vipula Wednesday, 03 April 2019 04:45 AM

රටේ උද්දමනය වැඩි වුනත් ආර්ථික වර්ධනයක් පෙන්වනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site