(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.2ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2018 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,644,728ක් වූ අතර 2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,344,839ක් වූ බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු යන අංශ ත්‍රිත්වයම පසුගිය වසරේදී ධන වර්ධන වේගයන් වාර්තා කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එහිදි කෘෂිකාර්මික ආර්ථික කටයුතු අංශය සියයට 4.8ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර කර්මාන්ත අංශය සියයට 0.9ක වර්ධනයක් ද සේවා අංශය සියයට 4.7ක වර්ධනයක් ද වාර්තා කර ඇත.
දැනට පවතින මිල ගණන් යටතේ කෘෂිකාර්මික අංශය පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ලබා දී තිබෙන දායකත්වය සියයට 7.9ක් ලෙස ගණන් බලා තිබෙන අතර කර්මාන්ත අංශය සියයට 27කින් ද සේවා අංශය සියයට 56.8කින් දායකත්වය ලබා දී තිබේ. සහනාධාර අඩු කළ පසු භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදුවලින් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 8.3ක දායකත්වයක් ලබා දී ඇතැයි ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අගය හොඳයි. එත් ඇත්තද බොරුද දන්නේ නැහැ.
නියමයි
ආර්ථිකේ බැහැල නැග්ගාමත් ටිකක් හොඳයි. හැමදාම බහිනවට වඩා.
ඉස්සර ඕක තිබ්බේ 6.5 ටත් උඩින්.. දැන් ඉතින් මම මහින්දට කඩේ යනවා කියලා බනින්න එපා..
රටක දේශපාලන ස්ථාවර භාවය ආර්ථික වර්ධනය හා බැඳී පවතිනවා. රටට ආයෝජන ගලා ඒමට නම් දේශපාලන ස්ථාවර භාවය ඉතා වැදගත් සාධකයක්. පසු ගිය වසර හතර පුරාවටම නව රජය ජනතාව ලබාදුන් ජන වරම තහවුරු කරගෙන රට දේශපාලනිකව ස්ථාවර කර ගැනීමට උනන්දු වුනේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයට රට අස්ථාවර කිරීමට ඉඩදී බලා සිටියා. මේ දුර්වල ආර්ථික වර්ධන වේගයට හේතුව ඒක... දවසින් දවස විනිමය අනුපාතිකය බිඳ වැටුනේ ඒ නිසා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළ පසු ආර්ථිකය තරමක් යහපත් වර්ධනයක් කරා ගමන් කරන බව පෙනෙන්න තිබෙනවා.
පාලකයෝ නිකම් බලා සිටියත් රටක ආර්ථිකය 4% ක් පමණ වර්ධනයක් තියෙනවා. එහෙම වෙන්නේ ජනතාව තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගැනීම එකතුවක් වශයෙන් වර්ධනයක් පෙන්වනවා. පාලකයන්ගේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඊට ඉහළ වේගයක් ළඟා කරගන්න පුළුවන්. දක්ෂ පාලකයන්ගේ වගකීම සියලු කණ්ඩායම් නිවැරදිව කලමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙනයමු. මේ අතින් නම් පහුගිය වාර 4 ඉතාමත් දුර්වල ප්‍රතිඵල තමයි පෙන්නලා තියෙන්නේ...
ආර්ථික වර්ධනය 0.1 උනත් වර්ධනයක්නේ!
රටේ උද්දමනය වැඩි වුනත් ආර්ථික වර්ධනයක් පෙන්වනවා.