IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


2016 ටින් මාළු ගෙන්වීම අඩු වෙලා

මෙරටට පසුගිය වසරේදී ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය 2015 වසර හා සැසඳීමේදී සියයට 16.2කින් පහත වැටී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

වසර 2016 ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින්  ඇමැතිවරයා කීවේ ආනයනික මාළු කිලෝවක මිල රුපියල් 102ක් වූ බවත් ආනයනික මාළු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ බදු මුදල 2015 ජනවාරි මස සිට අඩු කිරීමත් සමඟ 2015 වසරේදී ටින් මාළු ආනයනය ඉහළ ගිය බවත් ය. එසේ විශේෂ වෙළෙඳ බදු මුදල අඩු කළ ද 2016 වසරේදී ටින් මාළු ආනයනය සියයට 16.2කින් පහත වැටී ඇතැයි  අමරවීර මහතා කීවේය.

වසර 2016 දී මෙරටට ආනයනය කර ඇති ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,994කි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ ‘ධීවර සංඛ්‍යා දත්ත 2016’ වාර්ෂික වාර්තාවට අනුව 2015 වසරේදී මෙරටට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 49,016ක් වන අතර 2014 හා 2013 වසරවලදී පිළිවෙළින් ටින් මාළු මෙට්‍රික් ටොන් 19,591ක් හා 21,835ක් ආනයනය කර ඇත.  

 



අදහස් (0)

2016 ටින් මාළු ගෙන්වීම අඩු වෙලා

ශාන්ත Monday, 09 January 2017 06:27 PM

අපුරු දෙයක්. පිටරටවල ධිවර කර්මාන්තය කරන්න අපේ රටේ අය දෙන සහයෝගය මේ ගෙනෙන ටොන් ගණන දැක්කම පේනවා. මේවා පාවිච්චිය අඩුවෙන්නේ රසයෙන් හා තත්වයෙන් බාල ඒවා ගෙන්වන නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site