ස්ථීර නිවාස අහිමි සේවකයින් වෙනුවෙන් ඒ.එස්.බී ෆැෂන් ආයතනය ඉදිකිරීමට ආරම්භකර ඇති නිවාස 300 ව්‍යාපෘතිය යටතේ අටවැනි නිවාසය පානදුර ශාඛාවේ සේවකයකුට හා එහිම සේවය කරන ඔහුගේ බිරියට පවරා දෙනු ලැබූහ.
ආයතනයේ වසර 10ක් සේවයේ නිරතව සිටි වැඩ පරීක්ෂක ඉසුරු සම්පත් සහ එහිම සේවය කරන ඔහුගේ බිරිඳ චංචලා සඳමාලි වෙත මෙසේ නිවාසය හිමි විය
නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කි
ඒ.එස්.බී ෆැෂන් ආයතනයේ සභාපති ජයසිරි ද සිල්වා සම සභාපතිනී ජීවන්ති පේදුරුආරචිචි කලමණාකාර අධ්‍යක්ෂ සඳුන් ජීවන්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නිවාසය පවරාදීම සිදුවූ අතර සාමාන්‍යාධිකාරී රෙක්ස් ජෑන්ස් මානව සම්පත් කලමනාකාර මොහාන් පල්ලියගුරු පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න පානදුර දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසන්න යන මහත්වරුන්ද මේ සඳහා එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (දී)
ජය ශ්‍රී ! ජයසිරි මහත්මා ඇතුළු පිරිසට. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)
වස්කඩුව ගමට මහත් අභිමානයක් ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! (නදී)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
ගොඩක් පින් (නදී)
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)
කොච්චර හොද වැඩක්ද ඒ. එස්. බි. අදිපති තුමනි ඔබ ආයතනය මගින් මේ කල සත්කාරය තව තවත් වැඩි දියුනුකරමින් ඉදරියට යන්න දිරිය ලැබේව! (දී)
හොද වැඩක් ජයවේවා(දී)
වාසනාවන් !! ඔබලාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා !! (නදී)
හිතවත් ඒ.එස්.බී. මහතාණෙනි ඔබගේ කටයුතු සියල්ල සාර්ථක වේවා. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.තව තවත් සේවා සැලසීමට ශක්තිය ලැබේව. (දී)
අන්න නියම බෞද්ධ ව්‍යාපාරිකයෙක්. (නදී)
සේවකයන්ට සැලකීමේ උතුම් ගුණය නිසා ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා (දිල්)
අනේ සාදු !!! අපි අපිටම උදව් කරගමු , (ස)
ආදර්ශමත් වැඩක් මෙන්න (දී)
උසස් වැඩක් (දී)
නියම වැඩක් (දී)
නියමයි! (නි)
ජයවේවා සුපිරි වැඩක් (දී)
මමත් ලංකාවට ගියාම අම්බලන්ගොඩ ඒ එස් බි එකෙන් රෙදි ගන්නවාමයි., මෙපින් බෙලෙන් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින නගරයෙන් නගරය සහ මුළු ශ්‍රී ලංකාව තුලම ව්‍යාප්ත වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි (දී)
අම්බලන්ගොඩ ඒ.එස්.බී. එකෙන් අපි ඇඳුම් ගන්නේ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. (නි)
මෙන්න නියම මිනිසුන්! (නි)
ඔබට ජය! (නි)
කුහකකමින් පිරුණු සමාජයක මෙවැනි මිනිසුන් සිටීමත් සතුටට කරුණකි (නි)
ඒ .එස්.බි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඉටු කරනු ලැබූ ,උදාර සත් ක්‍රියාවට මෙලොවදීම පින් පළදේවා !!.මේ කළ පිණෙන් මතු ආත්ම වලදීද,රුවන් මාලිගා ලැබීමට හේතුවාසනා වේවා !!!(දිල්)
ගොඩක් හොද වැඩක් (නදී)
මෙවනි සද්ක්‍රියා මහජනතාව වන අපි ඉතා ගෞරවයෙන් අගය කරමු. පුද්ගලික ප්‍රතිලාභ වලට ඇට,ලේ, මස්නහර හෝ විකුණා මුදල් හොයන සමාජයේ, මනුෂ්‍යකමට මුල්තැන දී මේ කළ ක්‍රියාවට ඔබගේ ආයතනයේ ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී දියුණුවෙන් දියුණුවට පත්වේවායි පතමි (නි)
මෙවැනි දුප්පත් අයට මෙම කරන සත්කාරයට අධිපතිතුමාට ගොඩක් පින්.... (දී)
මේ ආයතනයේ මේ ක්‍රියාව ලෝක වැසී සේමටම හොද ආදර්ශයක්,සල්ලි තියන මිනිසුන් නැති මිනිසුන්ට සහයෝගය දිය යුතුයි,ලස්සන ගෙයක් හොද නිර්මාණයක්,ඔබලාට වැඩි වැඩියෙන් ලැබෙව,ජය වේවා (අ)