IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දළ සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 6.8ක්

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් මේ වසරේ මැයි අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.0කට ප්‍රමාණවත් වූ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.2කට සමාන වන පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9ක් වී තිබේ. ශ්‍රී ලංකා රුපියල 2016 වසරේ අවසානය සිට මේ වසරේ ජූලි මස 31 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.6%කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වූ බව මහ බැංකුව පවසයි.

මහ බැංකු වාර්තාවලට අනුව, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක වන යුරෝවට සාපේක්ෂව 12.5%කින් ද ස්ටාර්ලින් පවුමට සාපේක්ෂව 8.8%කින් ද ජපන් යෙන්වලට සාපේක්ෂව 7.6%කින් ද කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව 9.9%කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 11.6%කින්  සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 8.0%කින් ද අවප්‍රමාණය වී තිබේ.

-055



අදහස් (0)

දළ සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 6.8ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site