චීනයේ මුල් පෙළ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම් ලක් 20 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමක් එළැඹෙන 19 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සොයාබැලීම ඔවුන්ගේ අරමුණයි.
කණ්ඩායමේ නියෝජිතයෝ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ යන්ත්‍රෝපකරණ හා ඒවායේ අමතර කොටස්,ගල් කඩන යන්ත‍්‍ර,අඩු විදුලියක් වැය වන විදුලි පහන්, හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධ විවිධ යන්ත්‍රෝපකරණ ආදී ක්ෂේත‍්‍රයන් නියෝජනය කරති.
එම ක්ෂේත‍්‍රයන් හා සම්බන්ධව ශී‍්‍ර ලංකා වෙළද ව්‍යාපාරිකයින් හමුවීමද ඔවුන්ගේ අපේක්ෂාවයි.
COMMENTS
මේ ගැන ඉතාම පරිස්සමින් වැඩ කල යුතුයි. ඉස්සර කොළනි හැදුවේ බටහිර රටවල්. අද චීනය ඒක කරන්නේ වෙනත් අකාරයකට. (නදී)
චීනය අපේ රටට මාර විදිහට උදවු කරනවානේ, බයත් හිතෙනවා එක වෙලාවකට (දී)
යුද්ධ කාලයේ චීන වරාය කියලා කීවේ ,ත්‍රිකුණාමලය වරායට ,(දී)
කව්රුත් ඕකම තමා කරන්නේ අහිංසා. ඔයාට චාන්ස් එකක් ආවත් ඔච්චරයි. (නදී)
එන්න ,එන්න , ඇවිත් අපිව තව ටිකක් කන්න. ලංකාවේ ආයෝජනය කරන්න කැමති යුරෝපයේ සහ වෙනත් රටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් හිටියට , රජයෙන් මේ චීන්නුන්ට දෙන ආයෝජන සහන සහ උපකාර වලින් 5% වත් අපේ මිනිස්සුන්ට දෙනු නොලැබේ. වගකිවයුත්තන් බොහෝවිට කටයුතු කරන්නේ අපේ මිනිස්සුන්ට ආයෝජනය කිරීම එපා වෙන ආකාරයටය (නදී)
අපිට චීනය නැතුවම බැහැ නේද? (නි)
ලංකාවට කවදත් උදවු කලේ චිනේ (දී)
හැමදාම පිටරට ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ගැනම සිත සිතා ඉන්නේ නැතුව , යුරෝපයේ , ඇමෙරිකාවේ සහ අරාබිකරයේ ජිවත්වන ශ්‍රී ලන්කිකක සම්භවයක් ඇති සුළු සහ මාධ්‍ය පරිමාණ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම දීරිගන්විම , අවශ්‍ය තොරතුරු ලබාදීමට , බලපත්‍ර නිකුත් කිරීමට , බැංකු නය ලබාදීම වැනි දේ සදහා ආයෝජන මණ්ඩලයට අනුබද්ධ රජයේ කාර්යාලයක් එම කලාප වල ඇති කලානම් අපේ රටේ ආර්ථිකයට විශාල රුකුලක් ලැබෙනවා .(දී)
මේක අමුතු දෙයක් නොවේ දැනට සිදුවන්නේ මේකනේ. (අ)
පසුගිය දශක කිහිපය තුළ දියුණු වූ සිංගප්පුරුව, හොංකොං වැනි රටවල තිබුණු ආර්ථික ප්‍රතිපත්ති හා ඔවුන් අද මුහුණපාන ගැටළු අධ්‍යයනය කර, ලංකාවේ සැලසුම් ඉදිරිපත් කරනවා නම් හොඳයි. අපගේ විශ්ව විද්‍යාල සිසුන්ගේ බුද්ධියෙන්ද ප්‍රයෝජන ගන්න ඕනෑ (නි)
ඇති ...දැන් ඇති...මේ අය ඔය ආධාර දෙන්නේ, අපිට උදවු කරන්නේ අපිට ඇති ආදරයකට නොවයි...එයාලාටම තියෙන ආදරයටයි...ලෝකයේ කොයි රටත් එහෙමයි...චීනයේ නිෂ්පාදන වියදම හරි අඩුයි...එයා බටහිරෙන් ලැබෙන තාක්ෂනය අමු අමුවේම කොපිකරලා නිෂ්පාදන එලිදක්වනවා.ඒ භාණ්ඩ ඒ රටවලටම යවනවා.දුප්පත්....අපිවාගේ රටවලට නය සල්ලිත් දෙනවා..සමහර රටවල් වල ( මැඩගස්කරය... අප්‍රිකානු රටවල් ) භුමි ප්‍රමාණයෙන් 1/6 පමණ අවුරුදු 300 බද්දට ගන්නවා.ඉතින් සුද්දෙ තමයි...රටට ආදරයක් තියෙන අය මේ වාගේ අය අතේ දුරින් තබාගත යුතුයි... (දී)