උතුරුදිග දුම්රිය මාර්ගයේ කිළිනොච්චිය සිට පලෙයි දක්වා වන කිලෝමිටර 40 ක පමණ වන කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් මාර්තු මස පළමුවැනිදා පටන් කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් ශී‍්‍රලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කිලෝමිටර් 146 ක් දිගු වන උතුරු දිග දුම්රිය මාර්ගය ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා දිවේ.යුද සමයේදී කොටී රේල් පීලී ගලවා බංකර සැදුහ.
දැනට කොළඹ සිට කිළිනොච්චිය දක්වා දුම්රිය ධාවනය වේ.
එළැඹෙන අප්‍රේල් මාසය වන විට යාපනය දක්වා ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුවේ අපේක්ෂාවයි.
කන්කසන්තුරය දක්වා සම්පූර්ණ උතුරුදිග දුම්රිය මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ ජූනි මස අවසාන භාගය වන විට නිම කිරීමට හැකිවනු ඇතැයිද ශී‍්‍ර ලංකා දෙපාර්තමෙන්තුව පවසයි.
COMMENTS
ගොඩක් හොද වැඩක්. මොකද ඒ පළාතේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් අනිත් පළාත්වල ගුවන් තොටුපළවල් හදනවා වගේ ඒ පළාතේ ජිවත් වෙන මිනිසුන්ගේ ඕන එපාකම් සපුරා දීම රටේ පාලකයන්ගේ වගකීම. (දී)
ඒවගේම යාපනයේ සිට පොයින්ට් පේදුරුවට සහ වෙල්වැට්තුරේට දුම්ර්ය යන මාර්ගය සකස් කරන්න.(නදී)
හරිම සතුටුයි (දිල්)
අපි යාලුවෝ වගේ ඉමු.(නදී)
ලගදීම යාපනේට කෝච්චියෙන්.බස් එකේ ගියා ඇති (අ)
බස් තියන් කෝච්චියෙන් යන්නද (දිල්)
අන්න නියම වැඩ. මේවා තමයි කරන්ඩ ඕනේ. කොහොමද කැනේඩියන් එන්ජින් දාල කෝචිචිය ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාල යනකොට අවුරුදු ගානකට පස්සේ. යාල් දෙවි උත්තර දෙවි නියමයි මල්ලි. මට නම් ආසයි බලන්ඩ යන්ඩ දෙපෙත්ත. අපි හොඳට ඉම්මු. මෙටික කාලෙට.(නදී)
ආසියාවේ ආශ්චර්ය ඇත්තටම සන්තෝසයි.සුභ පතනවා ඉදිරි ගමනට (දිල්)
අහන්නත් සතුටුයි, අනාගතේට හොද වැඩ මේවා .(නදී)
බස් තියන් කෝච්චියෙන් යන්නද ? (දී)
හරිම හොද දෙයක් (දිල්)
බලන් ඉන්න බැරුව ආණ්ඩුවට බනිනවා....වැඩක් කරනවා නේද කොහොම හරි ..එක ගරු කරන්න ... (දී)