IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අර්බුද මැද සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

( තිළිණි ද සිල්වා )

 
රටේ පවතින දේශපාලන අර්බුද මැද පසුගිය නොවැම්බර් මාසයේ දී  විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
 
ඒ අනුව ගිය වසරේ නොවැම්බර් මාසයේදී ලංකාවට පැමිණි විදෙස් සංචාරක  සංඛ්‍යාව හා සැසදීමේදී මෙම මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව  සියයට 16.8 කින් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
මේ අනුව ඒ  වසරේ මුල් මාස 11 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය විසිලක්ෂය ඉක්මවා තිබේ.
 
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ එම නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ජනවාරි සහ නොවැම්බර් කාලය තුළ 2,080,627 ක් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
 
මේ අතර නොවැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට  ඉන්දියාව වන අතර   එරටින් 39,137 ක සංචාරකයින් සංඛ්‍යාවක් එහිදී පැමිණ තිබේ. එය සියයට 21.4 ක වර්ධනයකි.
 
දෙවැනියට වැඩියෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ  එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව  21,971 ක් වේ. 2017 නොවැම්බර් මාසය හා සැසඳීමේ දී එය සියයට 61.1 වර්ධනයකි.
 
නොවැම්බර් මාසයේ දී  එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එංගලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයයි. එංගලන්ත ක්‍රිකට් පිල විදෙස් සංචාරයක නිරතවන අවස්ථාවක දී ඔවුන්ගේ සහායට පැමිණෙන අතිවිශාල ‘බාමි ආමි‘ එංගලන්ත ක්‍රිකට්ලෝලීන් ගේ සහාය, මේ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට නොවැම්බර් මාසයේ දී දායක වී තිබේ.
 
නොවැම්බර් මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම 1.8% කින් පහළ ගොස් ඇති අතර ප්‍රධාන වශයෙන් යුරෝපා රටවලින් පැමිණි සංචාරකයින්ගේ ඉහළ යාමක් මෙහිදී වාර්තා වේ. 
 
ඒ අනුව සංචාරකයින් පැමිණි රට අනුව එක්සත් රාජධානිය 61.1% කින්, ජර්මනිය 89.6% කින්, ප්‍රංශය 22.4% කින්, ස්විස්ටර්ලන්තය 85.7 කින් යනා දී වශයෙන් මෙරට පැමිණි සංචාරකයින්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් 2018 නොවැම්බර් මාසයේ දී දැකගත හැකි විය.
 
2018 නොවැම්බර් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම ඇතුලත් සංඛ්‍යා දත්ත පහතින් දැක්වේ.



අදහස් (10)

අර්බුද මැද සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

de silva Friday, 07 December 2018 11:05 AM

අර්භුධයේ ප්‍රතිපල අපිට දැක ගන්න පුළුවන වෙන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල සංචාරකයන්ගේ පැමිණීම සනස්න්ධනය කරන කොට , අර්භුධය ආරම්භ වුනේ ඔක්තෝබර් අන්තිම , නොවැම්බර් මාසේ එක එච්චර පෙන්නුම් කරන්නේ නැහැ , අපරාදේ ලංකාව මේ පාර ලෝන්ලි ප්ලනෙට් සඟරාවේ සංචාරය කරන්න තිබෙන හොඳම රට කියල නම් කලා , නමුත් අප රට පාලනය කරන හරකුන්ට මේ ගැන කිසිම උවමනාවක් නැහැ උන්ට ඕනේ උන්ගේ බලය පමණි

:       298       1140

upali Friday, 07 December 2018 02:44 PM

දැන් එතකොට මේ කෑ මොරදෙන්නේ රටේ පවතින දේශපාලන අර්බුදය හින්ද සංචරකයො එන්නේ නෑ කියල.

:       2       95

raviTuesday, 11 December 2018 12:10 PM

ඕව කියන්නේ ඉතින්. පාර්ලිමේන්තුවෙන් එලියට. වීසිවෙච්ච අය නේද . ???

:       0       7

Bamunuarachchi Saturday, 08 December 2018 03:39 AM

ඔව් ඔව් දැන් එන්නේ එසේ මෙසේ මිනිස්සු නොවෙයි, තානාපතිවරු වගේ අය.... අද පත්තරයක තිබෙනවා බ්‍රිතාන්‍ය විදේශ ඇමතිත් එනවා කියා දැන් තේරෙනවා නේද? පාවාදීම ජයටම කරලා තිබෙන බව....

:       13       304

bandaTuesday, 11 December 2018 08:52 AM

රටේ මහා ලේ විලක් වෙන්න ඉස්සරවෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේකට මැදිහත් වෙන්න ඕන

:       338       0

sam Sunday, 09 December 2018 04:37 AM

තමන්ගේ දේශපාලන මතවාදයට මේ ලෝකයේ තියන සියලුම් සිද්ධීන් ඈඳා ගැනීමෙන් ඔබ දේශපාලන උන්මන්තකයෙකු බවට පත්වෙලා.

:       0       63

paala Sunday, 09 December 2018 10:23 AM

මලයාලි කට්ටඩියෝ, ඉන්දියන් කම්කරුවෝ, රොටි ගිලගිල වතුර ගහගහ පයින් බඩගාන ඉන්දියන් කාරයෝ, සරණාගත ඇෆ්ඝන්කාරයෝ, පකිස්තාන් කුඩු වෙළෙන්දෝ, වැලේ වැල් නැති බෙන්ගලියෝ, කීයක් ඔය අස්සේ ඇවිත්ද බැලුවොත් හොඳා. ඔය අය එන්නේ යන්ට නෙවේ. අන්න අහරේ කුඹුරු වැඩ කරන්නේ ඉන්දියන් කාරයින්. ලංකාවට ගිය කලක්...

:       0       12

මොහමඩ් Monday, 10 December 2018 07:26 AM

සංචාරකයින් වැඩි වෙලාලු, ඒත් දෙසැම්බර්වලට හෝටල් බුකිං නම් කැන්සල් වෙලා, හොටෙල්ස් හිස් වෙනවා. ඔය සංචාරක අධිකාරිය කියන එක නොබලා ෆීල්ඩ් එකේ වැඩ කරන අයගෙන් අහන්න සංචාරක ව්‍යාපාරයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා, කොළඹ/නුවර/නුවර එළිය/ගාල්ල කොටුව සංචාරක ව්‍යාපාරයේ නිරත අයගෙන් හා වෙළඳාම් කරන අයගෙන් අහන්න සංචාරකයින් අඩු වෙලාද වැඩි වෙලාද කියලා...

:       60       2

සමන්තWednesday, 19 December 2018 08:31 AM

ලෝකයේ රටවල මේ වගේ ප්‍රශ්න තියෙනවා ඒත් දේශපාලකයෝ කියන්නේ නෑ.. ඒ රටවල⁣ට එන්න එපා කියලා. නමුත් ලංකාවේ තත්වේ වෙනස්.

:       0       0

Lalith Tuesday, 11 December 2018 12:57 AM

ආණ්ඩුවක් නැත්නම් රට වඩාත් සුරක්ෂිත බව ඔවුන් වටහාගෙන වගෙයි................

:       0       116

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1108 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1131 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 426 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site