IMG-LOGO

දිවයින පුරා ශීතාගාර 100ක්

(නිමල කොඩිතුවක්කු)
 
එළවළු සහ  පලතුරු කල් තබා ගැනීමට යොදාගැනෙන ශීතාගාර 100ක් රටපුරා ඉදිකිරීමට පියවර ගන්නා ලෙස  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අනුරාධපුර නාච්චිදූව ඉදිකෙරුණු ආහාර  බෝග කල්තබාගැනීමේ  ශීතාගාරය විවෘත කිරීමෙන් පසුවය.
 
කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ආහාර කල්තබාගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දඹුල්ලේ ස්ථාපිත කර තිබෙන ශීතාගාරයෙන් ලැබෙන ප‍්‍රයෝජනය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට මේ වනවිටත් කරුණු දක්වා ඇත.
 
පලතුරු සහ එළවළු  කල් තබා ගැනීමේ මීළඟ ශීතාගාරය බණ්ඩාරවෙල නගරයේ ආරම්භ කිරීමට නියමිතය.
 
දිවයින පුරා පිහිටුවීමට යෝජිත ශීතාගාර  වැඩි ප‍්‍රමාණයක් ඉන්දීය  ආධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිතය.
 



අදහස් (7)

දිවයින පුරා ශීතාගාර 100ක්

Raveendra Monday, 29 July 2019 07:54 AM

දැන් නම් අධිවේගයෙන් තීරණ ගන්න හදන මෙවන් ගොන් තඩියන්ට කෙසේ ආමන්ත්‍රණය කළ යුතුද? මොවුන් හිතාගෙන ඉන්නේ ලක්මවගේ සියලුම දරුවන් මලපෙරේතයින් කියාද?

:       21       20

aravinda Monday, 29 July 2019 10:51 AM

මෙවැනි ශීතාගාරවලින් ගොවීන්ට තමන්ගේ අතිරික්ත ඵලදාව ගබඩා කර තබා ගත හැකිවෙයි. මෙය යහපත් පියවරක්...

:       14       130

du Monday, 29 July 2019 12:25 PM

ජනාධිපතිවරණයට කලින් ඔය 100ම නියමිත ප්‍රමිතියට හදලා ඉවර කරලා පෙන්වන්න.

:       14       17

Nuwan Monday, 29 July 2019 04:06 PM

ගොවියන්ගේ මනාපය ගන්න එක මේ සැරේ ලේසි නැ. මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටක්‌ මේක ගොවියන්ට

:       1       2

ලුම්බිණි Tuesday, 30 July 2019 12:50 AM

මේවා නඩත්තු කරන්න කොච්චර යනවද? කොහෙන්ද විදුලිය එන්නේ? මේ වගේ දේවල් කරන කොට අධ්‍යයනය කරලා වියදම සහ ප්‍රතිලාභ බලල නේද පටන් ගත යුත්තේ? හදන්න ඉන්දියන් ණය වලින් පුළුවන්. ඊට පස්සේ?

:       0       0

de silva berlin Wednesday, 31 July 2019 09:32 AM

මේවා දැනට අවුරුදු 20-30කට ඉස්සෙල්ලා කරන්න තිබිච්ච වැඩ.., සෙල්සියස් අංශක 1-2 අතර උෂ්ණත්වයක එළවලු, පලතුරු ගබඩා කරගන්න පුලුවන් නම් මාස 6 දක්වා කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්..., එතකොට මිල ස්ථාවරව පවත්වාගෙන මේවා පාරිභෝගිකයාට නිකුත් කරන්න පුළුවන්.., එතකොට ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම මින් සහනයක් සැලසෙන අතර, ගබඩා වල වහලට සූර්යකෝෂ සවි කළා නම් විදුලිබල වියදම අවම කරගන්න පුළුවන්...

:       0       78

de silva berlin Thursday, 01 August 2019 06:24 AM

මේවා ප්‍රමිතියකට ඉදිකරන්න කරන්න... පුද්ගලික අංශයට අවශ්‍ය තාක්ෂණ දැනුම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී ප්‍රමුඛත්වය සහ අඩු පොලියට බැංකු ණය පහසුකම් ලබාදෙන්න. එතකොට අවුරුද්දක් ඇතුළත, දඹුල්ලේ විනාශවන එළවලුවලින් අඩුම තරමෙන් 50%වත් බේරගන්න පුළුවන්, පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් යුතු එළවලු අඩු මිලකට දෙන්න පුළුවන්... මේ ආශ්‍රිතව රැකියා විශාල ප්‍රමාණයක් ලබාදිය හැක. මමත් මෙවැනි ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කරන්න කැමතියි.. කරුණාකර මේ සඳහා මම සම්බන්ධ කරගත යුතු රජයේ අමාත්‍යාංශය සහ නිලධාරීන් සම්බන්ධව තොරතුරු ලබාදෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site