IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘අයිස් නිෂ්පාදනය වැඩිවෙලා‘

මෙරට ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා අයිස් නිෂ්පාදන කටයුතු මේ වසරේ දී ඉහළ ගොස් ඇතැයි  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 

වසර 2013 සහ 2014 කාලයේ මෙරට තිබූ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්‍රමාණය 90ක් යැයි ද  2015 වසර අවසන් වන විට එම කර්මාන්තශාලා සංඛ්‍යාව 119 දක්වාත් මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට 123 දක්වා  ඉහළ නැංවීමට හැකි වූ බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. 

මෙම කර්මාන්තශාලා ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන අයිස් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව 2013 වසරේදී නිෂ්පාදනය කළ දෛනික අයිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2658කි.  වසර 2-014 දී මෙට්‍රික් ටොන් 2788ක් නිෂ්පාදනය කිරීමට හැකි වූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

දෛනික අයිස් නිෂ්පාදනය පසුගිය වසරේදී මෙටි්‍රක් ටොන් 3819ක් දක්වාත්, මේ වසරේ සැප්තැම්බර් වන විට මෙට්‍රික් ටොන් 3949 දක්වාත්, ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

ධීවර ප්‍රජාවට මසුන් කල්තබා ගැනීම සඳහා අවශ්‍ය සමස්ත අයිස් ප්‍රමාණය මේ වන විට මෙම නිෂ්පාදන කර්මාන්තශාලාවල නිපදවන අතර, ශීත ගබඩා පහසුකම් ධීවර වරාය ආශ්‍රිතව පුළුල් කිරීමට ද පියවර ගෙන ඇතැයි ද අමාත්‍ය අමරවීර මහතා කීය. 



අදහස් (0)

‘අයිස් නිෂ්පාදනය වැඩිවෙලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site