ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රයන්තවලට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇතැයි සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් පිළියම් යොදමින් වහා ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 ගෝලීය වසංගතයට ඉදිරිකාලයේදී රටේ ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවට දැඩි බලපෑමක් ඇති කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වාදෙයි.
මේ හේතුවෙන් ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මුදල් මණ්ඩලය ඊයේ (16) රැස් වූ අතර එහිදි එම තීරණය ගෙන තිබේ.
මාර්තු මස 27 වැනිදා හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් රුපියල් බිලියන 27.5ක් ලබා දී ඇත. නව තීරණ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1කට සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදෙයි.
එම පහසුකම දේශීය ව්‍යාපාර රැසකට ලැබෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු එම මුදල සියයට සියයට 4ක පොලී අනුපාතිකයකට ව්‍යාපාරවලට ලබාදෙනු ඇත.
මෙම යෝජනා ක්‍රමය සහ සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මඟින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර කලින් කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබාගැනීම සඳහා අරමුදල් සපයන බව ද එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුනාවන දෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් නිකුත් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රජය නිකුත් කරන ඇපකරයක් මත" ලංකා පුත්‍ර බැංකුවේ කාසි වගේද?
ජනාධිපතිතුමාගෙන් කන පුරා දෙකක් අහගන්න වුණානේ... ඔය ටික කරන්න.
ප්‍රබලම තීරණයක් තමයි, ද්‍රවශීලතා අනුපාත අඩු කිරීම. මේක ඉතාම, අවදානම් තීරණයක්... මේ තීරණේ විදේශ ආයෝජකයින්ට ඉතාම අහිතකර ලෙස රට ගැන වැරදි චිත්‍රයක් ඇති කරවනවා. කලකට පෙර තිබුණු, 11% - 10% මට්ටමේ ඉඳලා තමයි මේ 2% බස්සලා තියෙන්නේ. මේ වගේ දේවල් සඵල විදියට කරන්න පුළුවන්.., ජපානය, ඇමෙරිකාව, ජර්මනිය වගේ විශාල ආර්ථිකයක් ඇති රටවලට විතරයි. ඉන්දියාවේ මේ අනුපාතේ 18%ක් වෙනවා. මේ මොනවා කෙරුවත් ආර්ථිකයට ගලායන්නේ ආසන්න වශයෙන් ඩොලර් බිලියන භාගයක මුදලක් විතරයි. අපේ ජාතික ආදායම ඩොලර් බිලියන 90 - 100ක් විතර වෙනවා. ලංකාවේ බැංකු 30ක් විතර තියෙනවා, ෆිනෑන්ස් කොම්පැනි 50ක් විතර තියෙනවා... ගොඩ ෆිනෑන්ස් කොම්පැනි දෙතුන් සීයක් තියෙනවා. සාමාන්‍ය ඉතුරුම් මට්ටම පහළ බහිනවා. බැංකු ටිකේ බෝනස් ගෙවල් ඉවර වුණාම ඕක ඉවරයි. අනික අපි නවත්තන එක ඉම්පෝර්ට් බඩුවකටම, අපේ එක්ස්පෝර්ට් බඩුවක් රටඅය නවත්තනවා. රිටර්න් එක දෙනවා. ආර්ථිකේ අපේ වුණාට රිමොර්ට් එක තියෙන්නේ, පිට උන් අතේ. විනිමය අනුපාත නිදහස් කරලා, අපනයන දිරිමත් කිරීම විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැලස්තර නැතුව හොඳම දේ තමයි, ඇත්ත කියලා, ආර්ථික අවපාතේ මිනිස්සුන්ට දැනෙන්න අරින එක අවුරුදු 5කට...
හොඳ බැනුම් ටිකක් අහගත්තාම හදිසියේ නින්දෙන් නැගිටලා ණය දෙනවා. කණට දෙකක් දුන්නා නම් මොනවා නොදෙයිද?
මහ බැංකුව ගැන මුලු රටම ලැජ්ජා විය යුතුයි. කොරෝනාව ආ විගස සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් ඊට මුහුණ දෙන්න වැඩ කටයුතු කළා. හමුදාව පොලීසිය ඒ වැඩේට අවශ්‍ය සහයෝගය දුන්නා. ජනාධිපති ඇතුලු කාර්ය සාධක මණ්ඩලේ ජනතාව නිරතුරුවම දැනුවත් කළා. ඒ අතරතුර ඇත්තටම මහ බැංකුව කිසි දෙයක් නොකර නිවාඩු ගියා. අපි දැක්කේ නෑ ඔවුන්ගේ කිසිම වාර්තාවක් හෝ වැඩපිලිවෙලක් මේ ව්‍යසනයට මුහුණදෙන්න ලෑස්තිවෙලා කරපු.... ඒ අතින් ජනාධිපතිතුමා හරියටම හරි. එතුමා නොහිටින්න අහිංසක නැතිබැරි ජනතාව තවත් අනතුරේ. ලෝකෙ අනිත් රටවල මහබැංකුව හා එවැනි ආයතන මේ ව්‍යවසනයට පියවර ගත්තේ කොරෝනා පටන් ගන්නවා එක්කමයි. කුඩා සහ මධ්‍යම ව්‍යාපාරවලට ණය දුන්නේ මාස ගාණකට ඉස්සර. ඒ වගේම රැකියා සුරක්ෂිත කරන්නත් ඒවට ණය දුන්නා. ඒත් ලංකාවේ එහෙම කරන්න ගත්තේ අද ඒකත් ජනාධිපතිතුමාගෙන් අම්බානක අහගත්තාට පස්සේ... බලන්න මේ උගතුන් කියන මිනිස්සු රටේ ජනතාවගේ මුදලින් මෙලෝ දෙයක් නොකර සැපවිඳින හැටි. රජයේ හැම නිලධාරියෙක්ම තම වගකීම ඉටු කළොත් මේ අවධානමෙන් ගොඩ ඒම අමාරු නෑ.
හොඳ මුලපිරීමක්...
දැන්ද මතක් වුනේ?
මහ බැංකුව බාරව ඉන්න ඇමැතිතුමාටත් ඇහෙන්න තමයි ජනාධිපතිතුමා දොස් කිව්වේ... අපේ සර් එක්ක සෙල්ලම් බැහැ.
මොලයක් ඇති නායකයෙක් රටේ ඇත්තට වෙන දේ අමතක කර නිලධාරීන්ගේ ඇඟට කඩා පනින්නේ නැත. බැංකු නිලධාරීන්ට කළ හැකි දේ සීමා සහිතයි. අතීතයේ පටන් සිටි මහාපරිමාණ බැංකු මංකොල්ල කරුවන් සහ රටේ ජාතික ධනය වීවිධ අයුරින් කොල්ල කාපු පාහරයින් රජ පවුලේ සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ විවාහ මංගල උත්සවවලට පවා සහභාගි වෙන පවුලේ ළඟම හිතවතුන්... ඔය ලොක්කා දඟලන්නේ නිලධාරීන්ට තග දාලා ඡන්දෙ වැඩට තමුන්ගේ හිතවත් මජර ව්‍යාපාරිකයින්ට බැංකු සතු මුදල් නිදහස් කරවා ගැනීමයි. රටේ ආර්ථිකයේ අවසානය වැඩි ඈතක නැත.
හොඳ තීරණයක්...
කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කර නිෂ්පාදන හා රැකියා අවස්ථා සුලභ කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත් විශාල ප්‍රමාණයක ප්‍රතිමූල්‍ය ණය උද්ධමනාත්මක බලපෑමක් ඇතිවිය හැකි අතර ව්‍යවස්ථාපිත සංචිතය පහළ දැමීමෙන් බැංකුවල ණය මැවීමී හැකියාව ඉහල ගොස් එමගින්ද උද්ධමනාත්මක බලපෑම් ඇතිකරයි. මෙය මනාලෙස කලමනාකරණය නොකළොත් අනාගතයේ බඩුමිල ඉහල යාමේ ප්‍රවනතාවක් මතුවීමට ඉඩඇත.
එක්තරා ෆිනෑන්ස් ආයතනයක් එකපාරටම වහලා දැම්මේ පසුව මංකොල්ල කන්න නේද? එහෙනම් රට හදාවි. රටේ මිනිස්සුන්ගේ ධනය මංකොල්ල කන්න ඡන්දෙ දුන්නේ නැහැ..